උපාධිධාරීන්, රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට නව උපාධිධාරීන් 600ක් පත් කෙරෙන අතර ඔවුන්ට හිමි පත්වීම් ලිපි හෙට (22) හා අනිද්දා (23) කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ අතින් ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.
මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පිහිටි ග්‍රාමසේවා වසම් 557 කට ම එක් උපාධිධාරියෙකු බැගින් පත් කිරීමටත් සංවර්ධන, සංස්කෘතික, සුබසාධන අංශ ඇතුළත් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීමට ඔවුන්ගේ සහය ලබා ගැනීමත් මෙම පත්කිරීම් තුළින් අපේක්ෂා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුහුණුලාභීන් ලෙස පත් කර ඇති මෙම උපාධිධාරීන් මාස 06 ක කාලයක් දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ සේවය කළ යුතු වේ.
රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්


