Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් මහ මැතිවරණය ගැන එ.ජා.ප. තීරණය

මහ මැතිවරණය ගැන එ.ජා.ප. තීරණය

මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරනවාද නැද්ද යන්න පිළිබඳ ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් හෙට පවත්වන අතර අත්තනායක මහතා ඔවුන් සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා අදහස් ලබා ගැනීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.