විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් දියත් කරන ලද විදේශ රැකියා වල නිරත වී මෙරටට පැමිණෙන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ඇතැම් පුද්ගලයන් චංචා සහගත ලෙස භාවිතා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
වංචාකරුවන් විසින් අදාළ වැඩපිළිවෙල සඳහා යොදා ගනු ලබන ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබා දීමටත්, එය සම්පූර්ණ කර දීම සඳහා මුදල් ලබා ගැනීමත් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වීම මඟින් මුදල් ලබා ගත හැකි බවට කරන අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යවා ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන්නේ එවන් කිසිදු මුදල් ලබා දීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදු නොවන අතර, ලියාපදිංචි වීමේ ආකෘති පත්‍රය පුවත්පත්වල පළ කර ඇති බවයි.
ඒ නිසා එවන් වංචනිකයන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ත කාර්යාංශය ජනතාවට දන්වා සිටියි.
Friday, Sep 10th
Last update:07:21:05 PM GMT
Headlines:


