මානුෂීය මෙහෙයුම නිසා අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලැබෙන බව ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ මහත්මිය ප්‍රකාශ කරයි. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම හමුවේදී ඇය පසුගිය මාර්තු මාසයේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් අනතුරුව අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව පූර්ණ ප්‍රසාදය පළ කළාය.
ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ වන විට අවතැන් වූ ජනතාව 70000 කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් සිටින බවයි. ආරම්භයේදී අවතැන් ජනතාව 300000 පමණ සිටි අතර මෙතරම් කඩිනමින් එම ජනතාව නැවත පදිංචි කිරීම විශිෂ්ඨ සාර්ථකත්වයත් දනවන කරුණක් බව විදේශ ලේකම්වරියගේඅදහස වන බව එම නිවේදනයේදැක්වේ.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, උතුරු ප්‍රදේශයේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය දක්වන බවයි.
ඉන්දීය විදේශ ලේකම්වරිය අද විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා හමුවීමට නියමිතය.
Friday, Sep 10th
Last update:07:21:05 PM GMT
Headlines:


