නැවත වරක් අද පාර්ලිමේන්තුව රැස්විය. රජයක් විසුරුවා හැරි පසු පාර්ලිමේන්තුව මෙලෙස නැවත කැදවන ලද්දේ ඉතාහාසයේ දෙවන වතාවටය. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි. විවාදය ආරම්භ කරන ලද්දේ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ තම පක්ෂය මෙලෙස හදිසි නීතිය දීර්ග කිරිම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.


