මහජන චීන සමූහාණ්ඩුවේ ලිංග්ගුවෑන්ග් විහාරාධිපති චෑන්සැන් හිමියන් ඊයේ දිවයිනට සැපත් විය. චීන සමූහාණ්ඩුවේ හා ශ්‍රි ලංකාවේ සුහදතාවය වර්ධනය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස කෞතුකාගාරයක් ඉදිකිරීම සදහා පරීක්ෂා කිරීම මෙම සංචාරයේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවට අමතරව මහජන චීන සමූහාණ්ඩුවෙහිද බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියි.
චෑන්සැන් හිමියන් පිළිගැනීමේ උත්සවය කොළඹ සම්බෝධි විහාරයේදී අද පෙරවරුවේ පැවැත්විණි. එම අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, නාවික හමුදාපති තිසර සමරසිංහ මහතා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිනිය හා කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවීර මහත්මිය ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි විය.
ඡායාරූප - සුජාතා ජයරත්න


