පවුල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සොයාබලා වාර්තාවක් සකස් කිරීම සඳහා පත්කළ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් දස පුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව නිකුත් කරයි.
මෙම කමිටුව පවුල් නීතිය, සාමාන්‍ය නීතිය හා පවුල් සබඳතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සලකා බලා අවශ්‍ය නීති සංශෝධන යෝජනා කර තිබේ.
කමිටුවේ සභාපතිනිය ඇතුලූ නියෝජිත පිරිසක් සිය වාර්තාව අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා වෙත පසුගියදා නිල වශයෙන් පිළිගැන්වීය.
අභියාචනාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි, ආචාර්ය හරින්ද්‍රි විජේමාන්න, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න, නීතීඥ මැක්ස්වෙල් බැස්ටියනස්, ධාරා විජේතිලක, මහාචාර්ය ශර්යා සචරෙන්ගුවේල්, ආචාර්ය නීලා ගුණසේකර, ආචාර්ය දීපිකා උඩගම් සහ රෝස් විජේරත්න යන මහත්ම මහත්මීහු මෙම කමිටුවට ඇතුලත් වූහ.
මෙම කමිටුව සාමාන්‍ය විවාහ නීතිය, උඩරට තේසවලාමේ හා මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් දැනට පවතින නීති රීති අධ්‍යයනය කර එහි ඇතිවිය යුතු වෙනස්කම් ගණනාවක් යෝජනා කර තිබේ. පවතින නීති අතර ඇති වෙනස්කම් වෙනුවට සමාජ වටිනාකම් ගොඩ නංවා පවුල් සංස්ථාවේ ශ‍්‍රී ලාංකික ගෞරවය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවද සඳහන්ය.
අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මෙම වාර්තාවේ ඇතුලත් යෝජනා ඉකිමනින් කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍යශයට උපදෙස් දී ඇති අතර මෙයට අමතරව ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය නඩු තීන්දු හා විශේෂ වාර්තා ඇතුලත් නීති තොරතුරු එ්කකයක් පිහිටුවන ලෙසද උපදෙස් දී තිබේ. එමගින් මහජනතාවට, නීති සිසුන්ට හා නීතිවේදීන්ට නීති ප‍්‍රතිසංස්කරණ හා භාවිතාව පිළිබඳව අවබෝධයක් ලබා ගත සැකි වනු ඇත.
මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර මහත්මිය අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මෙම වාර්තාව භාර දුන් අවස්ථාව ඡුායාරූපයේ දැක්වෙයි. අභියාචනාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි නීතීඤ මෝක්ෂිනී ජයමාන්න හා නීතිඥ තාන්යා ජයවර්ධන මහත්ම මහත්මීහු ද එහි වෙති.


