Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් සංචාරක කර්මාන්තයට හොඳ කල දවසක්

සංචාරක කර්මාන්තයට හොඳ කල දවසක්

Tourism
මෙම වසරේ පෙබරවාරි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම ගිය වසරේ  එම මාසයට සාපේක්ෂව 67.7%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරකයන් 57,300ක් මෙරටට පැමිණි අතර එය පසුගිය වසරේදී 34,169ක් විය.

මේ අතරට බටහිර යුරෝපය, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, මැද පෙරදිග හා උතුරු ඇමරිකානු සංචාරකයන් වැඩි වශයෙන් අයත් වේ.

බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය 71.7%කින් වර්ධනය වී ඇති අතර එක්සත් රාජධානියෙන් පැමිණි පිරිස 46.3%කින් වර්ධනය වී ඇත. මේ අතරින් ප්‍රංශ සංචාරකයන් ප්‍රමාණය 104%කින් ඉහළ යමින් 3,440ක් ද, ජර්මන් සංචාරකයන් 122%කින් ඉහළ යමින් 5,656 දක්වා ද වර්ධනය වී ඇත.

දකුණු ආසියානු කලාපයේ සංචාරකයන් අතරට ඉන්දියාව, මාලදිවයින හා පකිස්තාන ජාතිකයන් අයත් වෙති. මී‍ට අමතරව ඕස්ට්‍රේලියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලින් පැමිණි සංචාරකයන් ප්‍රමාණයේ ද වර්ධනයක් දක්නට ලැබේ.

පසුගියදා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කර තිබිණි.