පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම අන්තර් මෝසම ආරම්භ වීම සමඟ ඉදිරියේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඒ අනුව අධික උණුසුම් සහිත තත්ත්වය පාලනය වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා ඌව යන පළාත්වල ඇතැම් ප්‍රදේශ වෙත සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.


