Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් රජරට සරසවියේ ගැටුමක්

රජරට සරසවියේ ගැටුමක්

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද පෙරවරුවේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇත. මෙසේ ගැටුම් ඇති වී ඇත්තේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතරය. දේශනයකට සහභාගී වූ දෙවන වසරේ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් ගැටුමට හේතු වී ඇත.

තුවාල ලැබූ සිසුන් අනුරාධපුර සහ මිහින්තලේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.