උතුරේ වලදමා ඇති බිම්බෝම්බ ඉදිරි දෙවසර තුල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකිවනු ඇතැයි බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු වල නිරත වී හිදින අන්තර්ජාතික සංවිධාන පවසයි. මෙරටට ගෙන්වා ඇති බිම්බෝම්බ ඉවත්කිරීමේ නවීන යන්ත්‍ර නිසා එම කාර්ය වඩා කාර්යක්ෂම වී ඇති බව ඔවුන්ගේ හැගීමය. මේ වන විට බිම්බෝම්බ ඉවත් කිරීමට යුද හමුදා සෙබළුන් 1000 ක් පමණ යොදවා ඇත. විවිධ සංවිධානවල සාමාජිකයන් 400 ක් පමණ එම කටයුතු වල නිරත වෙයි.
උතුරේ වලදමා ඇති බිම් බෝම්බ සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙයි.


