මහජනතාව ජන්දය දෙන්නේ නීතිය අතට ගන්නට නොවේ. එහෙම නමුත් කොහොම හරි ජන්දයෙන් දිනු අය හිතන්නේ තමන් ට ජන්දය සමග නොසෑහෙන බලයකුත් ලැබී ඇති හැටියටය. එහෙම හිතන්නට ද හේතුවක් තිබේ. මේ අය ට කැමති කණ්ඩායමක් රටේ ජීවත්වෙයි.
අද ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආචාර්ය මර්වින්ට ජන්දය දුන් බව ප්‍රසිද්ධියේ පිළිගන්නට සූදානමක් ඇති ලක්ෂ ගණනක් ඇත. තමන්ට වැඩක් කරන කෙනෙකු මහජන නියෝජිතයා කර ගන්නට මේ පිරිස කැමතිය. මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති ගැන කතා කරමින් රට ගොඩ නගන්නට වෙහෙසෙන විට ආචාර්ය මර්වින් හොදින් හෝ නරකින් තමන් හමුවට එන ජන්ද දායකයාගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නම් එයට වඩා වෙනස් උවමනාවක් නැත. මෙහෙම වී ඇත්තේ මේ රටේ බුද්ධිමත් ජනතාව නිහඩව ජන්දය නොදී සිටින අතර වඩා ගැඹුරට නොසිතා පටු ආකල්ප අනුව මහජන නියෝජිතයන් තොරාගන්නා පිරිස පෝලිමට ගොස් ආචාර්ය මර්වින් වැනි අයට ජන්දය පාවිච්චි කරයි.
ජනතාව කට ගැන හිතා ජන්දය දෙයි. බඩට යමක් දෙන නිසා ද ජන්දය දෙයි. මේ කට ගැනත් බඩ ගැනත් හිතා ජන්දය දෙන ජන්ද දායකයෝ හිතන්නේ අද ගැන පමණකි. හෙට පරම්පරාවට වෙන්නේ කුමක්දැයි කල්පනා කරන්නේ නැත.
මෙහෙම අය ඉන්නා එක නායකයන්ට අභියෝගයක් නොවේ. මාධ්‍යය පෙන්වන්නේ මේ වැඩ කාරයන්ගේ වීර ක්‍රියාය. සංවාද පැතිරෙන්නේ රටේ අවධානය ඇතිවන්නේ මේ අය ගැනය. යුද්ධයෙන් පසු ගතවූ අවුරුද්ද ඇතුලත සිරස ප්‍රහාරය, මාරාන්තික උපවාසය, මේ ඩෙංගු ගස් බැදීම වැනි දේ විනා රටට වැදගත් වෙනසක් වී තිබේද? මේ කැබිනට් ඇමතිවරු නොවේ නම් රටේ වැඩක් කෙරෙනවා යැයි මාධ්‍ය වලින් පෙන්නන්නට යමක් තිබේද?
වැඩ කරන ඇමතිවරු නොසිටිනවා නොවේ. ඔවුන් මහජනතාවගෙන් ඈතය. ජන්දයෙන් දිනන්නට බැරි තරමට මේ විහිලූ කාරයන් මෙන් ජනප්‍රිය නැත. එපමණක් නොවේ ඒ ජනප්‍රිය බව අහිමි හෙයින්ම රටේ දෙවැනි පෙළ නායකයන් ලෙස පෙනී සිටීමක් ද නැත. ඉතින් නායකයන්ට අභියෝග තිබේද? බලයේ සිටින කවර හෝ පුද්ගලයෙකු ගේ විධාන අනුව කාර්යය මෙහෙයවන ඔහු විසින් ගලවා ගන්නා අවස්ථාවේ විපතින් මිදෙන මහජනතාවගේ ආකර්ශනය ඇති මෙවැනි සංදර්ශන වලින් පමණක් රට ඉදිරියට ගෙන යා හැකිද? අපේ ප්‍රශ්නය එයයි.
තමන්ට කොයිතරමට වාසි ලැබුණත් යුක්තිය හා සාධාරණත්වය ගැන නොහිතන පිරිස අපේ රටේ අඩුය. ජන්දය දෙන්නේ නීතිය අතට ගෙන හිතට එන හැම දෙයම කරන්නට නොවෙන බව මේ කන්ඩායම හිතන්නට පටන් ගන්නා මොහොතක් තිබේ. ඒ මොහොත කොතැන කොයි අවස්ථාවක උදා වේ දැයි කලින් කියන්නට අපට හැකියාවක් නැත. මහජනතාවගේ ආකල්ප ගමන් කරන ආකාරය ගැන හොද ඉවක් ඇත්තේ මහජනතාවගේ නියෝජිතයන්ට ම පමණකි.
තැනින් තැන බෙලෙක් හඩ ඇසෙන හා හිස් දිය කළ සෙලවෙන බව පෙනෙන විට තමන් වටා ඉන්නා කණ්ඩායම මෙහෙම නම් තමන්ගේ තරම දැන ගැනීමට මෙයට වඩා අවස්ථාවක් නැත.
වරද්දාගත් ගුරු විසිනි



ගුරුදා විග‍්‍රහය