Thursday, Sep 29th

Last update:09:07:36 AM GMT

You are here: විශේෂාංග ගුරුදා විග‍්‍රහය

ගුරුදා විග‍්‍රහය

කාන්තාව සුරක්ෂිත කරන සමාජයක් කරා

milinda-prashna

කාන්තාවන් ගේ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් අවශ්‍යය. දවසේ පැය විසිහතර පුරා නිදහසේ රට තුළ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට ඉඩ ඇති සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය යුතුය. මග තොට, බස් රියේ, වැඩපොලේ කාන්තාව ගොදුරු කරගන්නට බලාසිටින ඇස් ඇති බව අද පවතින සාමාන්‍ය අවබෝධයයි. ස්විට්සරලන්තය, සිංගප්පූරුව, ජපානය සහ හොංකොං ඇතුළු රටවල් කාන්තාවන් සුරක්ෂිත සැහැල්ලූ ජීවිත ගත කරති. ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එකී පැවැත්ම ශ‍්‍රී ලංකාව සමග සස`දා බැලීම සුදුසුය.
විද්‍යාගේ සිද්ධිය වන විට රට තුළ පැවැති උද්වේගය අද නැත. අද වන විට සේයා සදෙව්මි නමැති දැරිය ගැන සමස්ථ සමාජයම කතා කරයි. මෙම සිද්ධි දෙක අතර පමණක් නොව එයට කලින් සිදුවූ සියලූ දේ ගැන ප‍්‍රමාණවත් ආකාරයට අවධානයක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට අසමත්වන්නේ ඇයි?
මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය ඉතාමත් සංකීර්ණ එකක් බවට පත්ව තිබේ. එවැනි තත්ත්වයකට පත්වන්නේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට නිදහසේ ගමන් කරන්නට කානාතාවකට බාධාවක් නොතිබුණ රටක් බව ඉතිහාසය පෙන්වා දෙයි. රට වැසියන් ජීවත්වන්නේ බලව’ත් පීඩනයකින්ය. යහපාලනය වශයෙන් හ`දුන්වන්නේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනය පමණක් නොවේ. ආණ්ඩුව හා සමාන්තරව පුරවැසියන් ද සමාජය සැනසිලිදායක තැනක් කරන්නට යම් ප‍්‍රමාණාත්මක ප‍්‍රයත්නයක් දරන්නට අවශ්‍යය.

කාන්තා අතවරයක්, අමානුෂික සිද්ධියක් වාර්තා වූ වහා සමාජය කම්පනයට පත්වෙයි. සිදුවීමට බලපෑ හේතු සොයා බලා නිවැරදි කරන්නට වග බලා නොගන්නේ මන්ද? දීර්ඝ කාලයක් යුද පසුබිමක සිටි සමාජයක් කර්කෂ, කුරිරු සිද්ධීන් වලින් පදම්ව ඇති බව පිළිගත හැකිය. මත් පැන් සහ මත් ද්‍රව්‍ය රට තුළ බහුලවීම තුළ සමාජ විකෘතියකට මග පාදන බව වටහා ගැනීම අපහසු නැත. කාන්තාවන් විදේශගතවීම හේතු කරගෙන දරුවන් අනාරක්ෂිත වන සහ පවුල් ඒකක විෂමාකාරී ගැටලූ වලින් ගහන තත්ත්ව ඇතිකරන බව පැහැදිලිය. මෙම සියලූ පැති සලකා බලා කම්පාවීම සහ ඉතා ඉක්මනින් ඒවා අමතක කර සාමාන්‍ය බවට හැරීම අනුමත කළ හැකිද?

පුරවැසියන් මුහුණ දෙන පීඩනය මැඩ ඉවසිලිවන්ත සමාජයක් ගොඩනැගීම සියලූම දෙනාගේ වගකීමකි. ආණ්ඩුව ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. ආගමික නායකයන් සහ සමාජ නායකයන් රට තුළ පවතින ස්වභාවය බලවත් ආකාරයකට සාකච්ඡුා කිරීම ඉතා වැදගත්ය. සිංගප්පූරුව ඉතා සංකීර්ණ ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කුඩා රටකි. හොංකොං ¥පත ද එසේය. මෙම රටවල් දෙක කාන්තාවන්ට ගරු කරන සහ අපරාධ අඩු සුරක්ෂිත තැනක් බවට පත්වන්නේ කෙසේද? ජපානය වැනි විශාල රටක් තුළ කාන්තාව ගෞරවාන්විත ආකාරයේ පැවැත්මක් සහතික කරන්නේ කෙසේද? මේවා අධ්‍යයනය කළ යුතුව තිබේ.

සමාජය තමන්ගේ වගකීම් ගැන අවධානය යොමු කරන අතර ජනතාවට ශක්තියක් වන ආකාරයට ව්‍යුහය සකස් කරන්නට ආණ්ඩුව වග බලා ගත යුතුය. නීතිය එහි එක් ප‍්‍රමුඛ මෙවලමකි. මෙරට අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ඉටුවන ආකාරය පැහැදිලි නමුත් එහි ප‍්‍රමාදය සමාජය ඉවසන්නේ නැත. වින්දිත කාන්තාවක තමන් මුහුණ පෑ ඉරණම අධිකරණයේ කියන්නට පමණක් නොව, එය නැවත නැවතත් විග‍්‍රහ කරමින් අවුුරුදු ගණනක් නඩු පවත්වාගෙන යන්නට සිදුවීම, අපරාධකරුවන්ට සහනයකි.

අලූත් රටක් ගොඩනගන ව්‍යායාමය තුළ කාන්තාව කේන්ද්‍රීය ලක්ෂයකි. ඇගේ සමාජ සුරක්ෂිත භාවය ඇති කිරීම ගෞරවණීය තත්ත්වයකි. අතවරයට සහ හිංසනයට ලක්වන කාන්තාවන් සිටින රටක් ගැන දෙස් විදෙස් මැදිහත් ජනතාව සිතන ආකාරය ඉතාමත් අවලස්සනය. එවැනි ඉරණමකට ගොදුරු වූ කාන්තාවක්වේ නම් ඇයට යුක්තිය ඉටුකිරීම තව තවත් ප‍්‍රමාද කරන තැනට කරුණු ගොනුවෙන්නේ නම් එය තවත් අයහපත් බරපතල පසුබිමකි. එවැනි පැති ගැන විමසා බලා අලූත් ආකාරයකට තීන්දු ගන්නට සමස්ථ සමාජයම එකතුවීම අවශ්‍යය.

කෙරුමාගේ තරම කරවන්නාගේ ද තරම තමා

මහජනතාව ජන්දය දෙන්නේ නීතිය අතට ගන්නට නොවේ. එහෙම නමුත් කොහොම හරි ජන්දයෙන් දිනු අය හිතන්නේ තමන් ට ජන්දය සමග නොසෑහෙන බලයකුත් ලැබී ඇති හැටියටය. එහෙම හිතන්නට ද හේතුවක් තිබේ. මේ අය ට කැමති කණ්ඩායමක් රටේ ජීවත්වෙයි.

අද ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආචාර්ය මර්වින්ට ජන්දය දුන් බව ප්‍රසිද්ධියේ පිළිගන්නට සූදානමක් ඇති ලක්ෂ ගණනක් ඇත. තමන්ට වැඩක් කරන කෙනෙකු මහජන නියෝජිතයා කර ගන්නට මේ පිරිස කැමතිය. මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති ගැන කතා කරමින් රට ගොඩ නගන්නට වෙහෙසෙන විට ආචාර්ය මර්වින් හොදින් හෝ නරකින් තමන් හමුවට එන ජන්ද දායකයාගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නම් එයට වඩා වෙනස් උවමනාවක් නැත. මෙහෙම වී ඇත්තේ මේ රටේ බුද්ධිමත් ජනතාව නිහඩව ජන්දය නොදී සිටින අතර වඩා ගැඹුරට නොසිතා පටු ආකල්ප අනුව මහජන නියෝජිතයන් තොරාගන්නා පිරිස පෝලිමට ගොස් ආචාර්ය මර්වින් වැනි අයට ජන්දය පාවිච්චි කරයි.

ජනතාව කට ගැන හිතා ජන්දය දෙයි. බඩට යමක් දෙන නිසා ද ජන්දය දෙයි. මේ කට ගැනත් බඩ ගැනත් හිතා ජන්දය දෙන ජන්ද දායකයෝ හිතන්නේ අද ගැන පමණකි. හෙට පරම්පරාවට වෙන්නේ කුමක්දැයි කල්පනා කරන්නේ නැත.

මෙහෙම අය ඉන්නා එක නායකයන්ට අභියෝගයක් නොවේ. මාධ්‍යය පෙන්වන්නේ මේ වැඩ කාරයන්ගේ වීර ක්‍රියාය. සංවාද පැතිරෙන්නේ රටේ අවධානය ඇතිවන්නේ මේ අය ගැනය. යුද්ධයෙන් පසු ගතවූ අවුරුද්ද ඇතුලත සිරස ප්‍රහාරය, මාරාන්තික උපවාසය, මේ ඩෙංගු ගස් බැදීම වැනි දේ විනා රටට වැදගත් වෙනසක් වී තිබේද? මේ කැබිනට් ඇමතිවරු නොවේ නම් රටේ වැඩක් කෙරෙනවා යැයි මාධ්‍ය වලින් පෙන්නන්නට යමක් තිබේද?

වැඩ කරන ඇමතිවරු නොසිටිනවා නොවේ. ඔවුන් මහජනතාවගෙන් ඈතය. ජන්දයෙන් දිනන්නට බැරි තරමට මේ විහිලූ කාරයන් මෙන් ජනප්‍රිය නැත. එපමණක් නොවේ ඒ ජනප්‍රිය බව අහිමි හෙයින්ම රටේ දෙවැනි පෙළ නායකයන් ලෙස පෙනී සිටීමක් ද නැත. ඉතින් නායකයන්ට අභියෝග තිබේද? බලයේ සිටින කවර හෝ පුද්ගලයෙකු ගේ විධාන අනුව කාර්යය මෙහෙයවන ඔහු විසින් ගලවා ගන්නා අවස්ථාවේ විපතින් මිදෙන මහජනතාවගේ ආකර්ශනය ඇති මෙවැනි සංදර්ශන වලින් පමණක් රට ඉදිරියට ගෙන යා හැකිද? අපේ ප්‍රශ්නය එයයි.

තමන්ට කොයිතරමට වාසි ලැබුණත් යුක්තිය හා සාධාරණත්වය ගැන නොහිතන පිරිස අපේ රටේ අඩුය. ජන්දය දෙන්නේ නීතිය අතට ගෙන හිතට එන හැම දෙයම කරන්නට නොවෙන බව මේ කන්ඩායම හිතන්නට පටන් ගන්නා මොහොතක් තිබේ. ඒ මොහොත කොතැන කොයි අවස්ථාවක උදා වේ දැයි කලින් කියන්නට අපට හැකියාවක් නැත. මහජනතාවගේ ආකල්ප ගමන් කරන ආකාරය ගැන හොද ඉවක් ඇත්තේ මහජනතාවගේ නියෝජිතයන්ට ම පමණකි.

තැනින් තැන බෙලෙක් හඩ ඇසෙන හා හිස් දිය කළ සෙලවෙන බව පෙනෙන විට තමන් වටා ඉන්නා කණ්ඩායම මෙහෙම නම් තමන්ගේ තරම දැන ගැනීමට මෙයට වඩා අවස්ථාවක් නැත.

වරද්දාගත් ගුරු විසිනි

යස ද නොවෙන - මනමේ ද නොවන විට

සුබ සහ යස කතාන්දරයේ හැටියට දොරටුපාලයාට රජ වෙන්නට අවස්ථාවක් හිමි විය. එය ඓතිහාසිකව පැවරුණ නමුත් සුබ කුමාරයා තුන් හිතකින්වත් අපේක්ෂා නොකළ සිද්ධියකි. සුබ හා යස පෙනුමෙන් එක සමාන හෙයින් රජතුමා තමන් හමුවේ බලූගැතියන් වෙන ඇමතිවරු හා පරිවාර සේනාව රගනා රැගුම් සියැසින් අලූත් කෝණයකින් දකින්නට ලොබ බැන්දේය. දෙතුන් වතාවක් එසේ කරන්නට බොහොම කැමැත්තෙන් දොරටුපාලයා එකග කර ගත් නමුත් තීරණාත්මක අවස්ථාවේ දී දොරටුපාලයා සුබ රාජ නමින් රජ විය. එසේ වූයේ දොරටුව ලග හිදගෙන රජුගේ ක්‍රියාදාමයන්ට හිනා වූ දොරටුපාල රගපෑමට කැමැත්තෙන් සිටි හැබෑ රජ්ජුරුවන්ගේ හිස ගසා දැමීමෙන් අනතුරුවය.

මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දී සිය වල්ලභයා මරුමුවට පත් කළේ තීරණාත්මක අවස්ථාවේ දී කඩුව ඉල්ලා සිටින විට කඩු කොපුව මනමේ කුමරුන්ටත් හා කඩුව වැදි රජු දෙසටත් පැති මාරු කර පිරිනමන්නට ගත් ක්ෂණික සිතිවිල්ල නිසාය. මේ සිතිවිල්ල එන්නට ඇත්තේ මහා ඝන වනාන්තරයේ වැදි රජු සමග හුදකලාව සටනකට සිය කුමාරයා පිවිසි නමුත් හැබෑවටම දන්නා ස්වාමි පුරුෂයාට වඩා මේ පෙනෙන හැඩි දැඩි මිනිසා නිර්භීත බව අවබෝධ කරගත් හෙයිනි.

දොරටුපාලයා රජ වෙන්නේත් - වැදි රජුට මනමේ හිමි වන්නේත් උරුමයෙන් පැවරුණ රාජකීයත්වය වෙනුවට අලූත් ආකල්ප හා අලූත් දැක්මක් ජාතියට ප්‍රකාශවීමේ සැබෑ උවමනාව ස්වභාව ධර්මයෙන්ම නියම වූ හෙයින් බවට සැකයක් නැත.

ඉතිහාසයේ අවස්ථා යළි මැවෙන නමුත් එහි නියම මොහොත අනුව තීන්දු ගන්නේ නැති බවක් පෙනෙන්නේ නම් රටට අලූත් ජවයක් ප්‍රබෝධයක් අපේක්ෂා කළ නොහැකිය.

අභ්‍යය‍න්තර කැරැල්ලකින් අනතුරුව පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස පොළඹවන ලද එක් අවස්ථාවක නායකත්වයට එරෙහිව යාමේ පාපයක් බව ප්‍රකාශ විය. ලෙන්ගතු අණ පිළිපදින්නා මිස මෙහෙයවන්නා වීම තමන් සතු බලවේගය බව නොවන පක්ෂයේ සියල්ලෝම පිළිගෙන සිටියහ. අවසානයේ දී කැරළිකරුවන්ට නායකයෙකු සොයාගත නොහැකිවීමෙන් කැරැල්ල දියවී ගියේය.

පරාජයවන හැම අවස්ථාවකම නායකත්වයට එරෙහිව අභියෝග මතුවන නමුත් ඒ සියල්ල වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නෙක් නැත. නායකයා පන්නා දැමිය යුතු බවට ඝෝෂා කරන කිසිවෙකු මීළග නායකයා කවුදැයි කියන්නේ නැත. ඒ තනතුරට තමන් සුදුසු බව එක හිතින් තම තමන් ම හිතනනමුත් එකතු වී පුද්ගලයෙකු නම් නොකරන්නේ මන්ද?

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට වැඩ බලන නායකයෙකු පත්කර විදේශ ගත වන්නට පක්ෂයේ නායකයා තීන්දු කළා පමණක් නොව එය ප්‍රායෝගිකව සිදුකර මාධ්‍යය මගින් ද අනාවරණය කළේය. එහි හැබෑ අර්ථය කුමක්ද? එක්සත් ජාතික පක්ෂයේ දොරටු පාලයන් මෙන්ම සටනට පිවිසි විට අඩු තරමින් කඩුව වෙනුවට කඩු කොපුව දෙන්නටවත් සමතෙක් නැති බවය.

සාතිශය සංවේගය එය නොවේ. මේ සියලූ වේදනා සංසිද්ධීන් දරාගත නොහැකි ජන කොටසක් ද ශ්‍රී ලංකාවේ සිටින බව ඔප්පු වීමයග එක්සත්

ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ සිය දිවි නසා ගෙන එක්ව ජයගනිල්ලායැයි අභියෝග කරන්නට රියන්සි අල්ගම මහතා ඉක්මන්විය.

දේශපාලකයන් වනාහි හොරුන්, වංචාකාරයන් අල්ලස් හා පගා ගන්නා වැදගම්මකට නැති පිරිසක් හා සමාජයේ කිසිම බුහුමනකට ලක්විය යුතු නැති පිරිසක් බව අර්ථ දැක්වෙන යුගයක ඒ දේශපාලනඥයන් වෙනුවෙන් හා ඒ දේශපාලන ක්‍රමය වෙනුවෙන් ජීවිතය පුදන්නට ලාංකිකයෙකු ඉදිරිපත්වීම මෙරට ඉතිහාසයේ දැවැන්ත අවස්ථාවක් නොවේද?

දොරටු පාලකයන්ටත්, මනමේලාටත් ඒ අතුල්පහර හොදටම ඇතිය.

- වරද්දාගත් ගුරු විසිනි

බර අඩුවන විට රට හෑල්ලුවීම

මුරලිදරන් අවසන් දිනයට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන දවසේ එහි අසිරිය බලන්නට ජනාධිපති තුමා ගාල්ල ටෙස්ට් කී‍්‍රඩාංගනයට ගියේය. ඒ සමග එහි ගිය අමාත්‍ය විමල් වීරවංශ ගැන මාධ්‍ය කතා කළේ අඩුවෙන්ය. මෙම අඩුව සිදුවූයේ ඇයිදැයි  හිතන්නට මහජනතාවට අයිතියක් ඇත.

සුප‍්‍රකට මාරාන්තික උපවාසය ඇත්තටම සිදුවූවක් බව ඔප්පු කරන්නට පපුව පලා පෙන්නවන්නට ඉදිරිපත්වූ විමල් වීරවංශ ඇමතිතුමා ඉදිරිපත්වූයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ජාවකදිය. එහෙම කියන්නටඑතුමායට සිදුවූයේ ඒ වන විටත්එය වනාහි හොදින් පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයක් බවට වේගයෙන් පැතිර යමින් තිබුණ  කටකතා නිසාය. තමන්ගේ බර මේ ආහාර නොගෙන මාරාන්තික උපවාසයක යෙදී සිටි දින දෙක තුළ කිලෝ තුනකින් අඩුවු බව ඔහු කියා සිටියේ උපවාසියට කලින් තරාදියෙන් මැන එය අවසන් වූ වහා යළි බර සංසන්දනය කිරීමෙන් නොව හිතට දැනෙන හිතිවිලි අනුව බවට සැකයක් නැත.

මේ බර අඩු වීම හා ඔහු කි‍්‍රකට් පිටියට ගිය විට මාධ්‍ය අවධානය අඩු වීම අන්ත දෙකකි. මේ දෙක අතරට හෑල්ලූවීම එකතු වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගය. තුන් දෙනෙකුගෙන් සමන්විත වූ හැබෑවටම මොකක් කරගන්නදැයි එහි සභාපතිට උපදෙස් දෙන්නට පත් කළ තුන් දෙනාගේ කමිටුව මේ මාරාන්තික උපවාසය සමග තවත්අට දෙනෙකගෙන් ඉහල නංවා තිබේ. බෑන් කි මුන් මහතා එවැනි තීරණයකට ගියේ තමන් ගත් තීරණය වඩා යුක්ති සහගත කරන අරමුණෙන් නමුත් එක්සත් ජාතීන්ගේ සාමාජික ශ‍්‍රී ලංකාව එයින් හෑල්ලූ වූ බව පමණක් සදහන් කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මිත‍්‍ර පාක්ෂික රටවල් වල අනාගතය ගැන කල්පනා කිරීමටය. බලවත් රටවල් වලං කඬේට පැන්න අහවලූන් මෙන්කි‍්‍රයා කරන්නට ගියහොත් ආර්ථික හා භූගෝලීය වශයෙන් කුඩා රටවල් ජාත්‍යන්තර සමාජයේ දී පත්වන අපහසුතාවය තේරුම් ගත් බුද්ධිමත්හු ඒ වෙනුවෙන් සංවිධානයක් හදා එයින් යුක්තිය අපේක්ෂා කළහ.

මේ සංවිධානයේ බලවත් ජාතීන්ට නිෂේධ බලය ඇති බව ඇත්තකි. එහෙත් කවදාවත් මේ ආයතනයේ මුල් පුටුවට බලවත් රටවල් තරග කරන්නේ නැත. හැම අවස්ථාවකම සභාපති පදවිය පිරිනැමෙන්නේ අවධානයට ලක් නොවූ කුඩා රටකටය. මේ වග එහි නායකයන් ගැන ආපසු හැරී බලන විට පෙනී යනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය නඩත්තු කරන වියදමෙන් වැඩි ප‍්‍රතිශතයක් දරන්නේ ඇමරිකාව නිසා එහි ආයතනික කටයුතු ඇමරිකානු නියෝජිතයෙකු සිටී. චීනය බලා ගන්නේ ආර්ථික  පැත්තයි.  මේවායේ රුස්වීම් අවස්ථාවේ  ඕනෑම භාෂාවකින් කතාකර තම තමන්ගේ රට තුළ ජන මතයක් ඇති කර ගැනීමේ  ආශ්චර්යවත් අවස්ථාවක් එහි සාමාජික රටවලට හිමිය.

බෑන්කී මුන් ටඑක්සත් ජාතීන්ගේ නායකත්වය ගන්නට හැකි වූයේ මේ වතාවේ එහි අවස්ථාව ආසියාවට හිමිව තිබූ බැවි හෙළ උරුමය මේ පුටුවට දෙවන වතාවට එන්නට මූන් මහතාට ඉඩ නොදෙන වග දැනටමත් පුවත් පත් සාකච්ජාවක දී ප‍්‍රකාශ කර ඇති අතර එය එසේ වන්නට ඉඩ ඇත්තේ ඇමරිකාව කොහොමටත් මේ විද්වතාගේ කි‍්‍රයා කලාපය ගැන ඒ තරම් මනාපයක් නොදක්වන නිසාය. ලෝක පොලිස් කාරයා තමුං  අතින් වියදං කරගෙන පවත්වා ගෙන යන ආයතනයේ ලොක්කා වෙනස් කරන්නට මීළග වාරයේ දී තීරණයක් ගත්තොත් එහි සම්පූර්ණ ගෞරවය අයත් වන්නේ ලංකාවේ හෙළ උරුමයටය.

එයින් ආයෙත් වතාවක්විමල් වීරවංශ මහතා හෑල්ලූවට ලක්වනු ඇත. මෙය බර අඩු වීමක් නොවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව මාරාන්තික උපවාසයක් කළ නමුත් ඒ ගැන නොසලකා සිටි  බෑන් කී මුන් මහතා දෙවන වතාවේ පදවි ප‍්‍රාප්ත වීම වලක්වන්නට එක පුවත් පත් සාකච්ජාවකින් පසු ගත් උපායශීලී කි‍්‍රයා පිළිවෙල අනාගතයේ ලාංකිකයන්ගේ හිත තුළ පැල පදියම් වනු ඇත.

එය වඩා නරක අතට හැරෙන්නට ද ඉඩ තිබේ. ජාත්‍යන්තර සංවිධානයක ප‍්‍රධානියා එයින් නෙරපන්නට හෙළ උරුමයට හැකි වූවා නම් රටේ නායකයා තවත් අවස්ථාවක් විධායක පුටුවේ වාඩි වෙන්න සූදානම් වන විට එයට ඉඩ දීම හෝ නොදීම සම්බන්ධයෙන් පුලූල් අතිදැකීම් ඇත්තේ හෙළ උරුමයට වන්නට ඉඩ තිබේ. ඒ අනුව ආයෙමත් වීරවංශ මහතා හෑල්ලූවට ලක්වනු වැලැක්විය නොහැකිය.