Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: විශේෂාංග ඔබේ වේදිකාව ආදරය එහෙම දෙයක්

ආදරය එහෙම දෙයක්

ඉතිං මම සමු ගන්නෙමී

යන තැනක් ගැන නොදනිමී

ඔබෙන් ඈතක නොදුටු ලෝකෙක

තනිකමත් එක සැපතකී

ජීවිතේ මඟ අඳුරකී

එළිය ඔය හිත නොරැදුනී

සඳ කඩාගෙන වැටුණු රැය සේ

ඔබ නොසන්සුන් අහසකී

ආදරේ මහ අරුතකී

ඔබට එය තව වචනෙකී

ඒ වුණත් යළි ගන්න බැරි දේ

දීම දානය මිහිරකී

ලක්ෂ්මන් පියසේන