Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: විශේෂාංග ඔබේ වේදිකාව ඉන්දිකාගෙන් නව ආරක ප්‍රසංගයක්

ඉන්දිකාගෙන් නව ආරක ප්‍රසංගයක්

upamali
upamali_2

ඉන්දිකා උපමාලිගේ “සද පහන් රැයේ” සංයුක්ත තැටිය එළිදැක්වීම සහ සජීවී ප්‍රසංගය මේ මස 18 වනදා එල්ෆින්ස්ටන් රගහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ඇය පැරණි ගීත සහ නව නිර්මාණ ගීත කිහිපයක් ගායනා කරන අතර මෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ප්‍රවීන කලා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් රචිත ඉන්දිකා උපමාලියේ සප්ත ස්වරයෙන් මුසු වූ “කුවේණි” ගීතය නර්තනයක් සමගින් ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමට ඇය සැදී පැහැදී සිටී. ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් ලත් දැනුම සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුලින් ලබාගත් දැනුම මත ප්‍රසාංගික කලාව උපයෝගී කරමින් වෙනස් ආරක නිර්මාණයක් කිරීමට වුවමනා වූ බව ඇය පවසයි.

විශාරද නන්දා මාලනී, අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා සමග ඩබ්ලිව්. ඩී. ආරියසිංහ යුග ගීත ගායනා කරනු ලබයි. මෙහිදී සංයුක්ත තැටිය එළිදැක්වීම මියුසික් බොක්ස් වෙතින්ද මෙහෙයවීම කැලුම් ශ්‍රීමාල් ගෙන් හා සංගීතය සමන්ත පෙරේරාගෙනි. සමරු දේශනය ශාස්ත්‍රපති කෝලිත භානු දිසානායකයන් විසින් සහ උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින්ද පැවැත්වීමට නියමිතය.

නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය සදහා සහභාගි වන්නැයි ඉන්දිකා සිය රසික රසිකාවියන්ට ආරාධනා කර සිටියි.

 

ඡායාරූප - සුජාතා ජයරත්න