Wednesday, May 25th

Last update:10:37:47 AM GMT

Headlines:
You are here: දසත

දසත

ශ්‍රී ලංකා-ජර්මන් මිත්‍රත්ව පාපන්දු තරඟය අද

ජාතික ඔලිම්පික් කමිටුව සහ ජර්මන් තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව පාපන්දු තරඟය අද (28) පැවැත්වීමට නියමිතය.

අද සවස 4.30 සිට කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී පා පන්දු තරඟය පැවැත්වෙයි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය.

ඇමරිකාව කියුබාව නිදහස් කරයි

26/07/2015 - දේශය

'' කියුබාවට අත නොතබනු '' මෙයින් දශක කිහිපයකට කලින් මෙරට තාප්පවල රතු අකුරෙන් ලියා අලවා තිබූ පෝස්ටරයකි. ඇමරිකාවට බල කරන එම පෝස්ටරය අලවන්නේ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට විරුද්ධව ප‍්‍රකාශ වෙමින් තිබූ ලෝක බලවේගයේ ලාංකේය නියෝජනයයි. ලෝක සිතියමේ අමෙරිකාව සහ එයට ළ`ගින් පිහිටි කියුබාවේ කි‍්‍රයාකාරකම් ගැටුමකට මග පාදන්නේ ඇයි? ජාත්‍යන්තර විරෝධයකට හේතුවූ රටවල් දෙකක් දශක පහකට පසු නැවත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කරගෙන හො`ද හිත පතුරුවන්නේ නොබෝදාය.

ඉරාන ඇමරිකා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ද අලූතෙන් ලියැවෙන්නට පටන්ගෙන තිබේ. ඉරානයේ බලය සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන ඉරාන ඇමරිකා පාලකයන් අතර බලවත් අර්බුදයක් හටගන්නා අතර එහි අවසාන ප‍්‍රතිඵලය ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමයි. දශක තුනකට පසු ඉරානය දෙස අලූත් ඇසකින් බලන ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් මෙතෙක් පනවා තිබූ සම්බාධක ලිහිල් කර සහයෝගීතාවයකට ගමන් කරන්නට තීරණය කරයි.

ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කියුබාව සහ ඉරානය සම්බන්ධයෙන් පනවා තිබූ ආධිපත්‍ය ලිහිල් කර අවස්ථා සලසන්නට තීරණය කරන්නේ ලෝකයේ නැවුම් පැවැත්ම සම්බන්ධයෙන් අලූත් අර්ථකතනයකට ඉඩපාදමින් බව අමතක කළ යුතු නැත. එය බලවත් අවධානයට ලක්විය යුතු පැත්තකි. ජාත්‍යන්තරය තුළ මෙහෙයවන දර ද`ඩු රාමුව වෙනස් කරන්නට රාජ්‍ය පාලකයන් පොළඹවන්නේ සාමාන්‍ය ජනතාව අතර බිහිවන සමාජ ගෝලීයකරණයේ අනන්‍යතා සීමාකරන්නට නොහැකි පසුබිම තුළ බව ද අවබෝධ කරගත යුතු කාරණයකි.

පරණ ලෝකය වෙනස් වී තිබේ. නායකයන් ගත් තීන්දු අදට ගැලපෙන එකක් දැයි සාකච්ඡුා කරන්නට අද පරම්පරාව මූලික වී ඇත. මෙයින් දශක පහකට කලින් ඇමරිකානු ආණ්ඩුව එවකට කියුබානු පාලනයේ තීන්දු වලට බලපෑම් කරන්නේය. පිදෙල් ක‍්‍රස්ත්‍රෝ බලයට එන්නේ එහි සිටි බැට්ස්ටා පාලනය පෙරලා දමමිනි. තද වාමාංශික ප‍්‍රතිපත්ති වලට ගමන් කරන හෙතෙම එදවස එහි පුද්ගලික ව්‍යවසාය රජයට පවරා ගනී. ඇමරිකානු ව්‍යවසායකයන්ට අත්වන්නේ බලවත් අවාසියකි. කියුබාව අනුගමනය කරන ලද ආර්ථික පිළිවෙත ඇමරිකාවේ නොසතුටට හේතුවෙයි. සීතල යුද සමයේ ඇමරිකානු දක්ෂිණාංශික බල ක`දවුරට සමීපව සෝවියට් වාමාංශික ප‍්‍රතිපත්ති වලට නැඹුරු කියුබාව ලෝකයට සංකේතයක් බවට පත්වෙයි. ඇමරිකා කියුබා රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්න එකල ජාත්‍යන්තර කරලියේ ප‍්‍රධාන මාතෘකාවකි. එහි අවසාන ප‍්‍රතිඵලය දෙරට අතර තානාපති සම්බන්ධතා අත්හිටුවන තීන්දුවයි. කියුබාව ත‍්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් කර තද සම්බාධක පනවයි. ඇමරිකාව ගන්නා එම තීන්දු ගැන ලෝකය පුරා ජන මතයක් ඇතිවන අතර එයට එකතු වෙමින් ශ‍්‍රී ලංකාවේ ද පෝස්ටර් ඇලවෙන්නේ ඇමරිකානු විරෝධී මතය රට තුළ අවුලවමින්ය.

අවුරුදු පනස් අටකට පසු වොෂින්ටන් හි කියුබා තානාපති කාර්යාලය විවෘත වන්නේ නොබෝදාය. එහි නිලධාරියෙකු ඇමරිකානු තානාපති අංශයට කතා කර සිහිපත් කළේ 1961 අවුරුද්දට පසු කතා කරන බවය. දීර්ඝ කාලයක් ප‍්‍රමාද වූ ඓතිහාසික තීන්දුවක් ගන්නට හැකි වූ බව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙම සිදුවීම ගැන තමන්ගේ මතය දක්වමින් කියයි. එය ඉතාමත් උණුසුම් සිදුවීමකි. දෙරටට උවමනා පරිදි තානාපති සම්බන්ධතා යළි අරඹන්නට තීරණය කරන්නේ තානාපති අංශ රහිතව පවා ඇමරිකානු සහ කියුබා වැසියන් අතර ගොඩනැගුනු පසුබිම ඔස්සේ බව වටහා ගැනීම වැදගත්ය.

මේ හා සමාන තත්ත්වයක් ඉරාන ඇමරිකා සම්බන්ධතා හමුවේ ද වාර්තා වෙයි. 1979 දී පමණ ඉරානයට සම්බාධක පනවන්නට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තීරණය කරන්නේය. එය බලපෑ හේතුව ඉරාන න්‍යශ්ඨික බලය පරිහරණය කිරීම බව මතු පිටින් පෙනේ. නමුත් ඉරානයේ බලය අල්ලාගත් ෂා ඇමරිකානු උවමනාව අනුව යමින් රට තුළ ප‍්‍රතිසංස්කරණ යෝජනා කරන විට එයට මතුවූ බලවත් විරෝධය ප‍්‍රමුඛ හේතුවයි. 1979 නොවැ. 04 සිට 81 ජනවාරි 20 දක්වා ඉරානයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලාගත් එරට දැඩි මතධාරීන් ඇමරිකාවට දුන් පණිවුඩය එයිට වඩා බලපෑ එකකි. ලෝක පැවැත්මට තර්ජනයක් විය හැකි ආකාරයට ඉරානය න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම සම්මුතිය ඉක්මවා යාමක් ලෙස තීරණය කරන්නේ බලවත් රටවල පාලකයන්ය. ඉරානය මැද පෙරදිග ඛනිජ තෙල් නිපදවන රටවල් අතර ප‍්‍රමුඛ තැනක් ගත් රටකි. තෙල් කර්මාන්තයෙන් ලැබෙන ධනය සහ ආගමික බලය හවුල් කරගෙන මැද පෙරදිග අලූත් තත්ත්වයක් ඇතිවීම සහ එයට න්‍යශ්ඨික බලය ද එකතුවීම නරක ස්වභාවයක්යැයි තීරණය කරන්නේ ලෝක ප‍්‍රජාව තුළ හටගත් බලවත් විවාදයකින් අනතුරුවය.

ඉරානයේ තත්ත්වය ද වෙනස් වෙයි. පසුගිය මාස හය තුළ දෙරටෙහි රාජ්‍ය නායකයෝ දෙතුන් වතාවක් මුණ ගැසී කරුණු සාකච්ඡුා කරන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ දක්වා ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරන්නට පසුබිම සකස් වී තිබේ. න්‍යශ්ඨික බලයසම්බන්ධ ජාත්‍යන්තර එක`ගතා අනුව කටයුතුකරන්නට සහ එයට ප‍්‍රතිචාර වශයෙන් සම්බාධක ඉවත් කරන්නට දයෝජනා වී තිබේ.

දශක පහකට පසු ලෝකයේ වෙනස්වීම ඉතාමත් සියුම් තත්ත්වයක් බවට පත්ව තිබේ. එයට පසුබිම සකස් කරන්නේ තාක්ෂණය සහ ආර්ථික බලය බව පැහැදිලිය. 1980 ගණන් වල ඇමරිකාවට පලා ගිය ලක්ෂ සංඛ්‍යාත කියුබානු වැසියන් ඇමරිකාව තුළ ජීවත්වන කියුබානු ඩයස්පෝරාවකි. ඉරානයේ ස්වභාවය ද එයට නොදෙවෙනිය. දෙරටෙහිම වැසියන් ඇමරිකාවේ ජීවත්වන අතර ඇමරිකාවට ද ඉරාන සහ කියුබා සම්බන්ධතා වලින් තොරව පවතින්නට ඉඩ කඩ සීමා වෙමින් පවතින බව අවබෝධ වී තිබේ. 2001 අවුරුද්දේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා කියුබාවට සම්බාධක පනවා රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනු තවත් තද කරයි. දැන් ලිහිල් වී ඇත්තේ එකී පසුබිමයි. ලෝක සිතියම තුළ සීමා මායිම් පනවා එම සීමා තුළ නීති පද්ධති මගින් ගනුදෙනු කරන ලද යුගය අවසන්ව තිබේ. ජනතාව එකිනෙකා සමග සම්බන්ධවෙමින් ගෝලීය පරපුරක් කරා ගමන් කරමින් සිටී. එවැනි පසුබිමක් තුළ රටවල් සම්බන්ධ කරන අතරමැදියන් වශයෙන් තානාපති කාර්යාල ක‍්‍රියාකරන ලද කාලය ද ක‍්‍රමයෙන් අහෝසි වෙන ලකුණු මෙයින් පෙන්වයි.

අද තත්ත්වය අනුව ගැටුම් සදාකාලික නැත. ඒවා ඇති කරන්නේ පමණක් නොව සමනය කරන්නේ ද ලෝකයේ ඇති තාක්ෂණික සහ ආර්ථික කාරණා පදනම් කරගනිමින්ය. රජයට පවරා ගැනීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් වන විට එයට කැමැති සහ අකමැති වශයෙන් ලෝකයේ ක`දවුරු දෙකක් තිබිය හැකි නමුත් සියලූම පාර්ශව එකම ප‍්‍රතිපත්තියකින් ව්‍යවසාය වෙනුවෙන් පෙනී සිටින විට ගැටලූ අවම වෙයි. කියුබාව ඔප්පු කරන්නේ එයයි. බලශක්තිය සම්බන්ධයෙන් ද රාමුව එයමය. ඛනිජ තෙල් බලය ඒකාධිකාරයක්ව පැවැති වකවානු ව වෙනස් වන විට ඉරාන ඇමරිකා බලවන්තභාවය ගැන ද අලූත් ආකාරයේ පසුතලයක් නිර්මාණය වෙයි.

මෙකී සියලූ පැති සියුම්ව ගවේශනය කරන විට රටවල් අතර තානාපති සම්බ්ධතා නැති කරන්නට පමණක් නොව අලූතින් ඇති කරන්නට ද ජනතා බලය පදනමක් බව ස`දහන් කළ හැකිය. ජාත්‍යන්තරය තුළ ආර්ථික සහ සමාජයීය ව්‍යුහය සකස්වන ආකාරය අනුව රටවල් අතර සම්බන්ධතා හසුරුවන ද්‍රෘෂ්ටිකෝණය වෙනස් වන බව පැහැදිලිව පෙනේ. ඉරාණය පුරාණ ශිෂ්ඨාචාරයක් ඇති මැදපෙරදිග බලවත් රටකි. ඇමරිකාව ලෝකයේ බලවත්ම රටවල් ලැයිස්තුවේ ඉහළින්ම සිටී. මෙම ස්වබාවය තුළ ඇතිවන අලූත් ව්‍යුහය ලෝක ප‍්‍රජාවට සුවිශේෂී අවස්ථා ජනනය කරනු නිසැකය. ඉරානයේ සුනී සහ ෂියා ආගමික පසුබිම අනුව නොයෙක් ගැටලූ ඇතිවිය හැකි නමුත් මැදපෙරදිග කලාපයේ බලවත් පරිවර්තනයක් ඇතිවිය හැකි බව සැකයක් නැත.

මේ ගැන ඔබගේ අදහස මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ මගින් සංවාදයට යොමු කළ හැකිය.

ශ්‍රී ලංකවට එරෙහි අන්තර්ජාතික බලපෑම්

ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී යැයි කියන සිද්ධීන් සාකච්ඡාවට ගැනීමට උත්සාහ දැරීමද මුල් තැන ගනියි. අන්තර්ජාතික කෝණයෙන් බලන කල වෙනත් රටවලට මෙම සිද්ධීන් එතරම් වැදගත් නොවන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත කෙරෙහි එම සිද්ධිවල බලපෑම අතිමහත්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රියා කිරීම මුළුමනින්ම අනවශ්‍ය, නොකළ යුතු ක්‍රියාවකැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ‍ ලේකම්වරයාට අවධාරණය කළේය. සන්නද්ධ අරගල මධ්‍යයේ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය වන රටවල් ගැන සොයා බැලීමට ක්‍රියා නොකරන පසුබිමක් තුළ ශ්‍රීලංකාව ගැන කටයුතු කිරීමට සැරසීම පිළිගත නොහැකි යැයිද එතුමා කීවේය. කොටි සංවිධානය මානව හිමිකම් උල්ලංඝණය කිරිම ගැන එක්සත් ජාතීන් එදා කතා කළේ නැත. ළමා සොල්දාදුවන්ගේ ප්‍රශ්නය ගැනත් කොටින් විසින් බෞද්ධ හින්දු මුස්ලිම් පූජනීය ස්ථාන විනාශ කරමින් එම ආගම්වල පැවිද්දනුත් සාහසික ලෙස ඝාතන කිරීම ගැනත් එක්සත් ජාතීන් එදා අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි.

ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම්වලට “අන්තර්ජාතික බලපෑම” යැයි ඇතැම් අය කීවත් එම බලපෑම එල්ල කරනු ලබන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ‍නෝර්වේ වැනි රටවල් කිහිපයකින් මිස මුළු ලෝක ප්‍රජාවම නොවේ. බෑන් කී මූන්ගේ යෝජනාවට රටවල් 118 කින් සැදී නොබැදි ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සමග එක්ව විරෝධය පල කිරීම තුළින් මෙය හොදින් අවබෝධ කර ගත හැකිය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එල්ලවී තිබේ. ඒවාට පසුබිමක්ද ඇත. විදේශිකයන් ශ්‍රී ලංකාව අදත් හදුන්වන්නේ ඉසුරු කොදෙව්වක් ලෙසිනි. බටහිර ටවල් මෙම ඉසුරු කොදෙව්ව කලක් අල්ලා ගෙන සිටියත් අන්තිමේදී ඔවුනට එය අත හැර දමා ආපසු යෑමට සිදු විය. ඔවුන් ගියේ කැමැත්තෙන් නොවේ. හැකි ඉක්මනින් ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළෙද මාර්ගයක විශාල මුහුදු ප්‍රදේශයකට විවෘතව පිහිටා ඇත. ඒ පිහිටීම සිංගප්පූරුවේ පිහිටීමට වඩා වටින්නේ සිංගප්පූරුවට ලගා වීම සදහා මලක්කා සමුද්‍ර සන්ධිය අස්සෙන් යෑමට සිදුවී තිබීම නිසාය. ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරන නැව් වැඩි හරියක් ගෙන්වා ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ මුහුද වටා හම්බන්තොට ඇතුළු වරාය පහක් දැන් අලුතින් ඉදි කෙරෙයි. බටහිර රටවල බලාපො‍රොත්තුව ශ්‍රී ලංකාවේ වරායවල අයිතිය තමන් සතු කර ගැනීමය. එබැවින් චීනය ඉන්දියා සාගරයේ තම මුහුදු බලය ව්‍යාප්ත කරනවාට ඒ රටවල් අකැමැතිය.

ශ්‍රී ලංකාවේ මුහුදු  පතුලේ ඇති ස්වාභාවික සම්පත් විශේෂයෙන් තෙල් ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් සහ මන්නාරමට ඔබ්බෙන් මුහුදේ අලුතෙන් සොයා ගෙන ඇති විකිරණශීලී ද්‍රව්‍යවලින්  වන තෝරියම්ද මත්ස්‍ය සම්පතද නෙලා ගැනීමට බටහිර රටවලට අවශ්‍ය ඇත. ඒ සදහා ඔවුන්ගේ උපක්‍රමය වූයේ උතුරු නැගෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් හෙවත් ඊළමක් පිහටුවා ශ්‍රී ලංකා රජය දුර්වල කර සම්පත් කොල්ල කෑමය. ශ්‍රීලංකාව දුර්වල වූ විට ඔවුන් බලාපොරොත්තු වූයේ හම්බන්තොට සිට දක්ෂිණ ද්‍රවය දක්වා වන මුළු මහ සයුරම තම පාලනය යටතට ගැනීමයි. රට අභ්‍යන්තරයේ ඇති සම්පත් කොල්ලකෑමද ඔවුන්ගේ තවත් අරමුණකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙමළ කොටි සංවිධානය විනාශ කර රට එක්සත් කිරිම නිසා බටහිර රටවල අපේක්ෂා බිද වැටිණි. එහි ප්‍රතිපලය වූයේ ඔවුන් ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස හිරිහැර කිරීමය. බන්කි මූන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළේ ඒ අයුරිණි. ඔහු මෙහිදී ක්‍රියා කර ඇත්තේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල කීකරු සේවකයකු ලෙසිනි.

බටහිරට අවශ්‍යවී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධ ආයතන තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර රට අසීරුවට පත් කිරීම නොව එම සංවිධානවලින් පිටතදී ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමය. එයට හේතුව වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට ඇමරිකාවට වඩා මිතුරන් සිටීමය. බෑන් කී මූන්ට එරෙහිව නොබැදි ජාතීන් ලංකාවේ ආධාරයට පැමිණීම මෙහිදී දිය හැකි හොදම උදාහරණයයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිවීමේ ලජ්ජාව විද දර ගත්තත් විවිධ සංවිධාන හරහා ශ්‍රී ලංකාවට හිරිහැර කිරිම අඩු කරනු ලැබුවත් ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමේ අපේක්ෂාව නම් බටහිර රටවල් අත් නොහරිනු ඇත. ඒ සදහා ඔවුනට හොද උදව්කරුවෝ ශ්‍රී ලංකාවේම සිටිති. ඔවුන් නම් ශ්‍රී ලංකාවට වඩා බටහිර රටවල් ලොකුවී සිටින ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ගේ අනුග්‍රහය බටහිර රටවලට නොමදව ලැබෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එය හොදින් දැක ගත හැකි විය. ඒ අවස්ථාවේ ඔවුහු රටත් ජනාධිපතිතුමාත් ආරක්ෂක හමුදාවනුත් කිසිම චකිතයකින් තොරව පාවා දුන්හ. බටහිර රටවලත් ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනුගාමිකයනුත් රටට කරන විනාශය කෙරෙහි බහුතර ශ්‍රී ලාංකිකයන් හොද විමසිල්ලෙන් සිටිය යුතු කාලය මෙයයි. එය රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහිද ලොකු බලපෑමක් කෙරෙන බව මතක තබා ගැනීම වැදගත්ය.

 

සී.පී කුරුප්පු

 

ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

2016 ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල 2016  අද (21) ආරම්භ වෙයි. මලල ක්‍රීඩා උළෙල හෙට 22 සහ අනිද්දා 23 යන දිනවල දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

සමාරම්භක උත්සවය 2016 ජනවාරි 21 දින පෙ.ව.8.00 ට සමාජ බලගැන්වීම් හා සුභසාදක අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උළෙල 2016 ජනවාරි 23 වන දින ප.ව.3.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර දිවයින් පුරා පවතින ක්‍රීඩා සමාජ 32 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගී වේ. ඩයලොග් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙවර මෙම ක්‍රීඩා උළෙල සදහා දායකත්වය දක්වයි.

වෙළඳාමට බැස්ස තානාපතිවරු

21/06/2015 - මිලින්දගේ විග්‍රහය - දේශය පත්‍රයෙන්
වෙළඳාමට බැස්ස තානාපතිවරු

එංගලන්තය තානාපති නිලධාරීන් සමිබන්ධව සියුම් පංති බෙදීමක් තිබුණු රටකි. මෙම බෙදීම කොතරම් බලවත් එකක්ව තිබුණේදැයි කිවහොත් සාමාන්‍ය පුද්ගලයන්ට තානාපති අංශ නියෝජනය කරන වෘත්තීන්ට ඇතුලත්වීමට තිබූ ඉඩකඩ ඉතා සීමිතය. සම්ප‍්‍රදාය ඉහළින් ආරක්ෂා කළ අතර වෙනත් රටකට යවන්නේ රාජකීයත්වය ආරක්ෂා කර ගන්නට හැකි උරුමයක් ඇති නියෝජිතයන් පමණකි. එය කාලයක් තිබුණ ස්වභාවයයි. නමුත් බි‍්‍රතාන්‍යයට වෙනස් වන්නට සිදුවිය. රජ කුමාරයෙක් වෙළඳාමට සම්බන්ධ වන්නේ ඒ අනුවය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමග ඇති කරගත් එක`ගතාවය අනුව දෙවන එලිසෙබෙත් රැජින එතුමියගේ දෙවැනි පුත් ඇන්ඩෲ කුමාරයා බි‍්‍රතාන්‍යයේ වෙළඳ සහ ආයෝජන නියෝජිතයා වශයෙන් පත් කරයි. වසර පහලොවක පමණ කාලයක් එම ධුරය හෙබවූ ඇන්ඩෲ කුමරු බි‍්‍රතාන්‍ය වෙනුවෙන් ලෝක ආර්ථික සංසදය, නොයෙක් වෙළඳ සල්පිල් සහ වෙළඳ සම්මන්ත‍්‍රණ වලට සහභාගී වෙමින් රට වෙනුවෙන් යම් ආයෝජන ප‍්‍රයත්නයක නිරත විය. එය කිසිසේත් මදිකමක් වශයෙන් රජ පවුල සැලකුවේ නැත. අති විශේෂ ගරුත්වයක් සහිතව නිල ගමන් ගිය රාජ කුමාරවරු පසුව බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාරික කටයුතු වලට මැදිහත්වන තනතුරු ඉසිලීම ජාත්‍යන්තර තලයේ විශේෂ අවධානයට ලක්විය.

මෙයින් පෙන්වන්නේ රාජ්‍ය පාලකයන් මහාමාත්‍යාදීන් ඇසුරු කළ සුවිශේෂී චරිතයක් වූ තානාපතිවරයා ස`දළු තලයෙන් මහ පොලවට පැමිණෙමින් සිටින බවයි. අද එම පරිවර්තනය තව දුරටත් ප‍්‍රායෝගිකව සිදුවෙමින් පවතී. මෙතෙක් කල් පාලකයන් ගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට පුරවැසියන් ගැන හිතන්නට සිදුව තිබේ. රටේ ආර්ථික සහ සමාජ අවස්ථා ගැන අවධානය යොමු කරන්නට පටන්ගෙන ඇත. රාජ්‍යතාන්ත‍්‍රිකයන් අතර රාජ්‍ය රහස් හුවමාරු කරගත් නිල දුත පිරිස වෙළඳ සහ ව්‍යාපාරික සම්බන්ධතා වෙනුවෙන් මහන්සි වන ආකාරය පැහැදිලිව පෙනේ. මෙය අලූතින් අධ්‍යයනය කළ යුතු පැත්තකි.

රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ගැන පුලූල් වගකීමක් තිබූ පැලැන්තියකට ව්‍යාපාර සම්බන්ධතා සහ ආයෝජන ගැන අවධානය යොමු කරන්නට සිදුව ඇත්තේ ඇයි? දශක ගණනකට කලින් තානාපති නිලධාරීන් රටවල් අතර වෙළ`ද කටයුතු වලදී මැදිහත්වන්නේ නැත. ව්‍යාපාරික අංශ සමග ගැටී තමන්ගේ අත කිළිටි කරගන්නට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් අද තානාපති අංශ නිලධාරීන් අති දක්ෂයන් බව සලකන්නේ රටවල් අතර ගනුදෙනු වලට උපරිම උපායශීළී ආකාරයට මැදිහත්වන්නට ඇති හැකියාව අනුවය. මෙම ස්වභාවය දක්වන තවත් උදාහරණයක් මෑතක දී අනාවරණය විය. එය සාකච්ඡාවට ගැනෙන්නේ චීන තායිලන්ත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඔස්සේය. තායිලන්තය වේගයෙන් දියණු වූ රටකි. තායිලන්ත ආර්ථිකයේ වර්තමාන ප‍්‍රගතියෙන් සියයට අටක් එරට නිදහස් කර්මාන්ත කලාපයේ චීන ආයෝජන හෙයින් බව අනාවරණය වෙයි. මෙම අනාවරණය පෙන්වන්නේ දෙරට අතර ආර්ථික ප‍්‍රගතියක් ඇති කරන්නට තානාපති සම්බන්ධතා සමත්ව ඇති ආකාරයයි. තායිලන්තය සමග සම්බන්ධතා ඇති කරන්නට හැකිවීම ගැන බැංකොක් නගරයේ සිටි චීන තානාපතිවරයා ප‍්‍රශංසාවට ලක්ව තිබේ. තායිලන්තයෙන් පිටත්ව චීනයේ සිටිමින් විශේෂිත මෙහෙවරක් කළ තායිලන්ත තානාපතිවරයා අගය කරන්නට ද පසුබිම සකස් වී ඇත. අලූතින් කරුණු සිදුවන්නේ ඒ ආකාරයටය.

රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ගැන පුලූල් වගකීමක් තිබූ පැලැන්තියකට ව්‍යාපාර සම්බන්ධතා සහ ආයෝජන ගැන අවධානය යොමු කරන්නට සිදුව ඇත්තේ ඇයි? දශක ගණනකට කලින් තානාපති නිලධාරීන් රටවල් අතර වෙළ`ද කටයුතු වලදී මැදිහත්වන්නේ නැත. ව්‍යාපාරික අංශ සමග ගැටී තමන්ගේ අත කිළිටි කරගන්නට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් අද තානාපති අංශ නිලධාරීන් අති දක්ෂයන් බව සලකන්නේ රටවල් අතර ගනුදෙනු වලට උපරිම උපායශීළී ආකාරයට මැදිහත්වන්නට ඇති හැකියාව අනුවය. මෙම ස්වභාවය දක්වන තවත් උදාහරණයක් මෑතක දී අනාවරණය විය. එය සාකච්ඡාවට ගැනෙන්නේ චීන තායිලන්ත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඔස්සේය. තායිලන්තය වේගයෙන් දියණු වූ රටකි. තායිලන්ත ආර්ථිකයේ වර්තමාන ප‍්‍රගතියෙන් සියයට අටක් එරට නිදහස් කර්මාන්ත කලාපයේ චීන ආයෝජන හෙයින් බව අනාවරණය වෙයි. මෙම අනාවරණය පෙන්වන්නේ දෙරට අතර ආර්ථික ප‍්‍රගතියක් ඇති කරන්නට තානාපති සම්බන්ධතා සමත්ව ඇති ආකාරයයි. තායිලන්තය සමග සම්බන්ධතා ඇති කරන්නට හැකිවීම ගැන බැංකොක් නගරයේ සිටි චීන තානාපතිවරයා ප‍්‍රශංසාවට ලක්ව තිබේ. තායිලන්තයෙන් පිටත්ව චීනයේ සිටිමින් විශේෂිත මෙහෙවරක් කළ තායිලන්ත තානාපතිවරයා අගය කරන්නට ද පසුබිම සකස් වී ඇත. අලූතින් කරුණු සිදුවන්නේ ඒ ආකාරයටය.

රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ගැන පුලූල් වගකීමක් තිබූ පැලැන්තියකට ව්‍යාපාර සම්බන්ධතා සහ ආයෝජන ගැන අවධානය යොමු කරන්නට සිදුව ඇත්තේ ඇයි? දශක ගණනකට කලින් තානාපති නිලධාරීන් රටවල් අතර වෙළ`ද කටයුතු වලදී මැදිහත්වන්නේ නැත. ව්‍යාපාරික අංශ සමග ගැටී තමන්ගේ අත කිළිටි කරගන්නට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් අද තානාපති අංශ නිලධාරීන් අති දක්ෂයන් බව සලකන්නේ රටවල් අතර ගනුදෙනු වලට උපරිම උපායශීළී ආකාරයට මැදිහත්වන්නට ඇති හැකියාව අනුවය. මෙම ස්වභාවය දක්වන තවත් උදාහරණයක් මෑතක දී අනාවරණය විය. එය සාකච්ඡාවට ගැනෙන්නේ චීන තායිලන්ත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඔස්සේය. තායිලන්තය වේගයෙන් දියණු වූ රටකි. තායිලන්ත ආර්ථිකයේ වර්තමාන ප‍්‍රගතියෙන් සියයට අටක් එරට නිදහස් කර්මාන්ත කලාපයේ චීන ආයෝජන හෙයින් බව අනාවරණය වෙයි. මෙම අනාවරණය පෙන්වන්නේ දෙරට අතර ආර්ථික ප‍්‍රගතියක් ඇති කරන්නට තානාපති සම්බන්ධතා සමත්ව ඇති ආකාරයයි. තායිලන්තය සමග සම්බන්ධතා ඇති කරන්නට හැකිවීම ගැන බැංකොක් නගරයේ සිටි චීන තානාපතිවරයා ප‍්‍රශංසාවට ලක්ව තිබේ. තායිලන්තයෙන් පිටත්ව චීනයේ සිටිමින් විශේෂිත මෙහෙවරක් කළ තායිලන්ත තානාපතිවරයා අගය කරන්නට ද පසුබිම සකස් වී ඇත. අලූතින් කරුණු සිදුවන්නේ ඒ ආකාරයටය.

තානාපති නිලධාරීන්ගේ කාර්ය භාරය ඉක්මවා රටක වෙළ`දාම සහ ආයෝජනය ඉදිරියට එන්නේ එම සහයෝගීතාවය ඔස්සේ සෙසු සියලූ සම්බන්ධතා පුලූල් කරන අලූත් සම්බන්ධතා ගොඩනැගෙන ආකාරයට ව්‍යුහය සකස්වන හෙයින්ය. රටවල් අතර ව්‍යාපාර අවස්ථා දිනා ගන්නට ඇත්තේ බලවත් තර`ගයකි. ආයෝජකයන් ආකර්ශනය කරගැනීමේ උවමනාව ද ඒ හා සමානවම තියුණුය. රටවල් වෙන් වෙන්ව පැවැති කාලය වෙනුවට ගෝලීයසමාජ ව්‍යුහය තුළ ශක්තිමත් අවස්ථා ඇති ශක්තිමත් සබ`දතා ඇති රටවල් වලට වෙළ`ද පොල දිනා ගන්නට හැකියාව ලැබී තිබේ. දේශපාලන මිතුරුකම් වෙනුවට ව්‍යවසායකත්වයේ අවස්ථා ඉදිරියට පැමිණෙන වකවානුවක තානාපති අංශවලට එයින් හුදෙකලා වන්නට හැකියාවක් කිසිසේත් නැත.

මෙම සිදුවීම් වලින් පෙන්වන්නේ රාජ්‍යතාන්ති‍්‍රික නිලධාරීන් කලින් වෙළ`දාමට සම්බන්ධ වී අත් කිළිටි කරගන්නට අකමැත්තක් දැක්වූ වෙළ`ද අංශය අද තානාපති කාර්යාලයක ප‍්‍රධාන මෙහෙයුම් යාන්ත‍්‍රණය වී ඇති ආකාරයයි.

මෙම සිදුවීම් වලින් පෙන්වන්නේ රාජ්‍යතාන්ති‍්‍රික නිලධාරීන් කලින් වෙළ`දාමට සම්බන්ධ වී අත් කිළිටි කරගන්නට අකමැත්තක් දැක්වූ වෙළ`ද අංශය අද තානාපති කාර්යාලයක ප‍්‍රධාන මෙහෙයුම් යාන්ත‍්‍රණය වී ඇති ආකාරයයි.

මේ ගැන ඔබගේ අදහස මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ මගින් සංවාදයට යොමු කළ හැකිය.

චීන ලංකා සබදතා

China_srilanka_flagලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.

ජාතික මහා ක්‍රීඩා උළෙල දෙසැ. 18 - 20

ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළුම කටයුතු සූදානම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනාව මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වෙති.

සියලුම පළාත් නියෝජනය වන පරිදි මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල හොඳ පෙරහුරුවක් වනු ඇත.

දකුණු කොරියාවේ ‘මර්ස්‘ රෝගී මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළට

දකුණු කොරියාවේ ශීඝ්‍රෙයන් පැතිර යන ‘මර්ස්‘ ශ්වසන රෝගයෙන් මේ වනවිට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 16ක් බව බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

මැද පෙරදිග රටවලින් පිටත මර්ස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර දකුණු කොරියාවේ තවත් නව මර්ස් රෝගීන් 05ක් වාර්තා වී ඇති බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

නිලධාරීන් පවසන පරිදි දකුණු කොරියාවේ මර්ස් වෛරසය වැළඳී ඇති සංඛ්‍යාව 150 ඉක්මවන බවයි.

මේ අතර, ස්ලෝවැකියාවේ දී රෝගී වූ දකුණු කොරියානු පුද්ගලයෙකු මර්ස් වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර ප්‍රතිඵලය සෘණාත්මක වී ඇති නමුත් තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා නිරෝධායන තුළ රඳවා ගෙන සිටියි.

මර්ස් වෛරසය හේතුවෙන් මේ වන විට දකුණු කොරියාවේ මරණ රැසක් සිදු වී ඇති අතර මෙම වෛරසයෙන් ආසාදනය වන දහදෙනෙකුගෙන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන් මරණයට පත්වේ.

මෙහි රෝගී ලක්ෂණ වන්නේ විශේෂයෙන් කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ මෙන්ම සමහර රෝගීන්ට පාචනය, වමනය හා ඔක්කාරය වැනි රෝගී තත්ත්වයන්ය. මෙම වෛරසය ආසාදනයවීමෙන් බොහෝ විට මරණයට පත්වන්නේ නියුමෝනියාව වැළඳීමෙනි. අවදානම් සහිත කණ්ඩායම් ලෙස සලකනු ලබන්නේ දීර්ඝ කාලයක් පවතින දියවැඩියාව, පෙනහළු රෝග, වකුගඩු රෝගවලින් පෙළන අය සහ ගැබිනි මවුවරුන්ය.

මෙම මාරාන්තික වෛරසය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව, අද (16) සිට දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු ම ගුවන්යානාවල මගීන් කටුනායක ගුවන්තොටුපළේ ඇති සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරනු ඇත.

2015 ජාතික පාපැදි ශූරතාවලිය හෙට අනුරාධපුරයේ දී ඇරඹේ

2015 ජාතික පාපැදි ශූරතාවලිය හෙට (30) සහ අනිද්දා (31) අනුරාධපුර නගරයේදී පැවැත්වේ.

මේ ශූරතාවලිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර දෙදින ශූරතාවලියේ එක් ප්‍රධාන අංගයක් වන ‘සැමට පාපැදිය’ යන තේමාව යටතේ පැවැත්වෙන පාපැදි රැලිය සඳහා ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය. එසේම ජය සංකේත ප්‍රදානය 31 වැනිදා පස්වරු 5.00 ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික පාපැදි ශූරතාවලියේ ‘කේවල කාලය මැනීමේ තරග‘ හෙට දිනයේ ත්, ‘මාර්ග තරග‘ සෙනසුරාදා (31) දිනත් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

කේවල කාලය මැනීමේ තරග අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අභියසින් ආරම්භ වී කවරක්කුලම හන්දිය දක්වා හා නැවත එම මාර්ගයේ ආපසු ගුවන් හමුදා කඳවුර දක්වා පැමිණ එක් තරග වටයක් අවසන් කරයි. මේ වටයක දුර කිලෝ මීටර 13.4කි.

මාර්ග තරග අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය අභියසින් ආරම්භ වී සිංහ කණුව අසලින් වමට හැරී ශ්‍රී මහා බෝධි මාර්ගයෙන් දකුණට හැරී පැරණි පුරහල හන්දියෙන් වමට හැරී භික්ෂු විශ්වවිද්‍යාලය, රුවන්වැලි සෑය, අභය වැව අසලින් වමට හැරී කෞතුකාගාරය, පොකුණු තුන, මිරිසවැටිය, තිසා වැව, පණ්ඩුලගමෙන් වමට හැරී පුත්තලම මාර්ගය ඔස්සේ 2 කණුව, වෙස්සගිරිය, ඉසුරුමුණියෙන් දකුණට හැරී ජයන්ති විහාරය අසලින් වමට හැරී ජයන්ති මාවත ඔස්සේ නැවත හරිස්චන්ද්‍ර උද්‍යානය ඉදිරිපිටට පැමිණ එක් තරග වටයක් අවසන් කරයි. වටයේ දුර කිලෝ මීටර 14.55කි.

දිස්ත්‍රික් පාපැදි සංගම් විසින් තරග පවත්වා තෝරා ගත් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ජාතික ශූරතාවලියට සහභාගි වන අතර ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම තෝරා ගැනීමේ ඉසව්වක් ලෙසින්ද මේ ශූරතාවලිය සැලකේ.

JPAGE_CURRENT_OF_TOTAL