Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත

දසත

අයිරින් කුණාටුවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 10ක හානියක් ?

hurricane_irene_america_200_135අමෙරිකාවේ ශ්‍රී ලංකිකයන් ගැන විමසීමට දූරකතන අංක තුනක්
අමෙරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බව වාර්තා වේ.

නිව් යෝර්ක්, නිව් ජර්සි, වර්ජනියා, උතුරු කැරොලිනා, මේරිලන්ඩ්, ඩෙලවර් යන පෙදෙස්වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ පෙරවරු 2.00ට පමණ අමෙරිකාව ඇතුළු වූ සුළි කුණාටුව ලබන බදාදා දක්වා අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා යන බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දේ.

එම පෙදෙසේවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය තොරතුරු දැන්වීම සඳහාත් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට අමෙරිකාවේ වෙසෙන තම ඥාති හිතෛෂීන් පිළිබඳ ව තොරතුරු දැනගැනීම සඳහාත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන තොරතුරු සේවාවක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත තානාපති කාර්යාල නිලධාරීන් නොකඩවා මේ සඳහා සහය වන බව ද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

තානාපති කාර්යාලයේ ඍජු දූරකතන අංකය 011 202 352 0355 (සුසන්තා) සහ 011 202 340 0032 අංකයෙන් වසන්තා පෙරේරා මහත්මිය ද 001 202 390 3034 අංකයෙන් බ්‍රිගේඩියර් ඩඩ්ලි වීරමන් මහතා ද අමතා අවශ්‍ය තොරතුරු දැනගත හැකි බව එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

තරගාවලියේ පරාජය සමඟ අවසන් තරගය අද

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (22) කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ඇරඹේ.‍

තරග 5කින් තරග 3ක් ම ජයගත් ඕස්ට්‍රේලියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම ලෙසිනි.

සිව්වන තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවට හිමිකර ගත් අතර ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 7ක් ම බිඳ වැටුණේ ලකුණු 37කට ය.

දිනේෂ් චන්දිමාල්, චාමර සිල්වා සහ ජීවන් මෙන්ඩිස් තරගාවලියේ සියලු ඉනිමවලදී අසාර්ථක වීම කැපී පෙනේ. ශ්‍රී ලංකා පිලේ මැද පෙළ අසාර්ථකවීම තරගාවලියේ පරාජයට ඉවහල් වූ බව ලකුණු සටහන අනුව පෙනේ. තරගාවලියේ කඩුලු 3කට වඩා බිඳ දැමූ එක ම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංග ය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග ක්‍රීඩකයන් අතරින් නම් කෙරෙනු ඇත.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරති, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ජෝන් හැස්‌ටින්ග්ස්‌, මිෂෙල් ජොන්සන්, ෂෝන් මාෂ්, ඩේම්ස්‌ පැටින්සන් සහ ස්‌ටීවන් ස්‌මිත්ගෙන් සමන්විත වේ.

අද තරගය දිවා රාත්‍රී තරගයකි. රැන්මෝ මාර්ටිනස් සහ ටෝනි හිල් අද තරගයේ විනිසුරුවෝ ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකවට එරෙහි අන්තර්ජාතික බලපෑම්

ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී යැයි කියන සිද්ධීන් සාකච්ඡාවට ගැනීමට උත්සාහ දැරීමද මුල් තැන ගනියි. අන්තර්ජාතික කෝණයෙන් බලන කල වෙනත් රටවලට මෙම සිද්ධීන් එතරම් වැදගත් නොවන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත කෙරෙහි එම සිද්ධිවල බලපෑම අතිමහත්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රියා කිරීම මුළුමනින්ම අනවශ්‍ය, නොකළ යුතු ක්‍රියාවකැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ‍ ලේකම්වරයාට අවධාරණය කළේය. සන්නද්ධ අරගල මධ්‍යයේ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය වන රටවල් ගැන සොයා බැලීමට ක්‍රියා නොකරන පසුබිමක් තුළ ශ්‍රීලංකාව ගැන කටයුතු කිරීමට සැරසීම පිළිගත නොහැකි යැයිද එතුමා කීවේය. කොටි සංවිධානය මානව හිමිකම් උල්ලංඝණය කිරිම ගැන එක්සත් ජාතීන් එදා කතා කළේ නැත. ළමා සොල්දාදුවන්ගේ ප්‍රශ්නය ගැනත් කොටින් විසින් බෞද්ධ හින්දු මුස්ලිම් පූජනීය ස්ථාන විනාශ කරමින් එම ආගම්වල පැවිද්දනුත් සාහසික ලෙස ඝාතන කිරීම ගැනත් එක්සත් ජාතීන් එදා අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි.

ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම්වලට “අන්තර්ජාතික බලපෑම” යැයි ඇතැම් අය කීවත් එම බලපෑම එල්ල කරනු ලබන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ‍නෝර්වේ වැනි රටවල් කිහිපයකින් මිස මුළු ලෝක ප්‍රජාවම නොවේ. බෑන් කී මූන්ගේ යෝජනාවට රටවල් 118 කින් සැදී නොබැදි ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සමග එක්ව විරෝධය පල කිරීම තුළින් මෙය හොදින් අවබෝධ කර ගත හැකිය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එල්ලවී තිබේ. ඒවාට පසුබිමක්ද ඇත. විදේශිකයන් ශ්‍රී ලංකාව අදත් හදුන්වන්නේ ඉසුරු කොදෙව්වක් ලෙසිනි. බටහිර ටවල් මෙම ඉසුරු කොදෙව්ව කලක් අල්ලා ගෙන සිටියත් අන්තිමේදී ඔවුනට එය අත හැර දමා ආපසු යෑමට සිදු විය. ඔවුන් ගියේ කැමැත්තෙන් නොවේ. හැකි ඉක්මනින් ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළෙද මාර්ගයක විශාල මුහුදු ප්‍රදේශයකට විවෘතව පිහිටා ඇත. ඒ පිහිටීම සිංගප්පූරුවේ පිහිටීමට වඩා වටින්නේ සිංගප්පූරුවට ලගා වීම සදහා මලක්කා සමුද්‍ර සන්ධිය අස්සෙන් යෑමට සිදුවී තිබීම නිසාය. ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරන නැව් වැඩි හරියක් ගෙන්වා ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ මුහුද වටා හම්බන්තොට ඇතුළු වරාය පහක් දැන් අලුතින් ඉදි කෙරෙයි. බටහිර රටවල බලාපො‍රොත්තුව ශ්‍රී ලංකාවේ වරායවල අයිතිය තමන් සතු කර ගැනීමය. එබැවින් චීනය ඉන්දියා සාගරයේ තම මුහුදු බලය ව්‍යාප්ත කරනවාට ඒ රටවල් අකැමැතිය.

ශ්‍රී ලංකාවේ මුහුදු  පතුලේ ඇති ස්වාභාවික සම්පත් විශේෂයෙන් තෙල් ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් සහ මන්නාරමට ඔබ්බෙන් මුහුදේ අලුතෙන් සොයා ගෙන ඇති විකිරණශීලී ද්‍රව්‍යවලින්  වන තෝරියම්ද මත්ස්‍ය සම්පතද නෙලා ගැනීමට බටහිර රටවලට අවශ්‍ය ඇත. ඒ සදහා ඔවුන්ගේ උපක්‍රමය වූයේ උතුරු නැගෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් හෙවත් ඊළමක් පිහටුවා ශ්‍රී ලංකා රජය දුර්වල කර සම්පත් කොල්ල කෑමය. ශ්‍රීලංකාව දුර්වල වූ විට ඔවුන් බලාපොරොත්තු වූයේ හම්බන්තොට සිට දක්ෂිණ ද්‍රවය දක්වා වන මුළු මහ සයුරම තම පාලනය යටතට ගැනීමයි. රට අභ්‍යන්තරයේ ඇති සම්පත් කොල්ලකෑමද ඔවුන්ගේ තවත් අරමුණකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙමළ කොටි සංවිධානය විනාශ කර රට එක්සත් කිරිම නිසා බටහිර රටවල අපේක්ෂා බිද වැටිණි. එහි ප්‍රතිපලය වූයේ ඔවුන් ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස හිරිහැර කිරීමය. බන්කි මූන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළේ ඒ අයුරිණි. ඔහු මෙහිදී ක්‍රියා කර ඇත්තේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල කීකරු සේවකයකු ලෙසිනි.

බටහිරට අවශ්‍යවී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධ ආයතන තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර රට අසීරුවට පත් කිරීම නොව එම සංවිධානවලින් පිටතදී ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමය. එයට හේතුව වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට ඇමරිකාවට වඩා මිතුරන් සිටීමය. බෑන් කී මූන්ට එරෙහිව නොබැදි ජාතීන් ලංකාවේ ආධාරයට පැමිණීම මෙහිදී දිය හැකි හොදම උදාහරණයයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිවීමේ ලජ්ජාව විද දර ගත්තත් විවිධ සංවිධාන හරහා ශ්‍රී ලංකාවට හිරිහැර කිරිම අඩු කරනු ලැබුවත් ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමේ අපේක්ෂාව නම් බටහිර රටවල් අත් නොහරිනු ඇත. ඒ සදහා ඔවුනට හොද උදව්කරුවෝ ශ්‍රී ලංකාවේම සිටිති. ඔවුන් නම් ශ්‍රී ලංකාවට වඩා බටහිර රටවල් ලොකුවී සිටින ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ගේ අනුග්‍රහය බටහිර රටවලට නොමදව ලැබෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එය හොදින් දැක ගත හැකි විය. ඒ අවස්ථාවේ ඔවුහු රටත් ජනාධිපතිතුමාත් ආරක්ෂක හමුදාවනුත් කිසිම චකිතයකින් තොරව පාවා දුන්හ. බටහිර රටවලත් ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනුගාමිකයනුත් රටට කරන විනාශය කෙරෙහි බහුතර ශ්‍රී ලාංකිකයන් හොද විමසිල්ලෙන් සිටිය යුතු කාලය මෙයයි. එය රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහිද ලොකු බලපෑමක් කෙරෙන බව මතක තබා ගැනීම වැදගත්ය.

 

සී.පී කුරුප්පු

 

අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

ඔස්ට්‍රේලියාව තරගාවලියේ ජය අපේක්ෂාවෙන් පිටියට
අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව ජය ලබාගත හොත් තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව හිමි කර ගනී.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2ක් ම මේ වනවිට ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව අද පිටියට පිවිසෙන්නේ තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 2.30ට ඇරඹෙන තරගය දිවා රාත්‍රී තරගයකි.

පසුගිය තරග දෙකේදීම මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකාව අඩු ලකුණු ලබාගත් අතර ඕස්ට්‍රේලියාව අඩු පන්දුවාර සංඛ්‍යාවකින් එම ලකුණු ඉක්මවා යෑමට සමත් විය.

තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සිය 300 වන එක්දින ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටියදී ය. එය තවමත් ඉටු වූයේ නැත. අද තරගයෙන් ජයගත හොත් එය හිමිකර ගත හැකි වනු ඇත. එමෙන් ම තරගාවලිය ජයගැනීමට නම් අද තරගයත් ඉදිරි තරග දෙකත් අනිවාර්යයෙන් ම ජය ගැනීමට සිදු වේ.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මුහුණ දෙන 636වන එක්දින ක්‍රිකට් තරගය වන අතර මේ දක්වා තරග 635කට මුහුණදෙමින් ඉන් 299ක් ජයගෙන තිබේ.

මේ වසරේ එක්දින තරග 21කට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 11ක් ජයගෙන 7ක් පරාජය වී තිබේ. තරග 2ක් තීරණයක් නැති ව අවසන් වූ අතර එක් තරගයක් අතහැර දැමීමට සිදු ව තිබේ.

2005 පසු ව මව්බිමේ දී එක්දින තරග 37කට මුහුණ දී ඉන් 25ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල මේ වනවිට සමත් ව සිටී.

අද තරගයේ විනිසුරුවන් ලෙස අසාද් රවුෆ් සහ අසෝක ද සිල්වා කටයුතු කරති. තරගයේ තීරක ලෙස කටයුතු කරන්නේ ජවගල් ශ්‍රී නාත් ය.

E.coli ගැන යුරෝපා සංගමයේ සාකච්ඡාවක්

e_coli_200_147මේ වන විට යුරෝපාකරයේ පැතිර යන මාරාන්තික E.coli බැක්ටීරියාව මුල් ඇද්ද වූ ධාන්‍යවලින් හටගන්නට ඇතැයි විද්‍යාඥයන් සැක පළකරයි.

මේ අතර ඒ සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයේ කෘෂිකර්ම අමාත්‍යවරුන් ද එක්රැස් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම බැක්ටීරියාව ශරීර ගතවීම නිසා මේ වන විට පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇති අතර ජර්මනිය ඇතුළු රටවල් 12ක එය පැතිර ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයන් 2200කට අධික පිරිසකට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇත. ජර්මනිය කරා සිදුවන සංක්‍රමණ හේතුවෙන් එරටින් පිට වෙනත් රටවල් කරා මෙම බැක්ටීරියාව පැතිර යාමට හේතු වී ඇත.

මෙම බැක්ටීරියාව පිළිබඳ ව පවතින බිය හේතුවෙන් තක්කාලි, සලාද වර්ග වැනි දෑ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අදාළ රටවල අනතුරු ඇඟවීම් ද සිදුකර ඇත.

චීන ලංකා සබදතා

China_srilanka_flagලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.

හම්බන්තොට තරගයේ දී ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද (14) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි වූ අතර ප.ව 2.30ට තරගය ආරම්භ කිරීමට සූදානම් ව තිබේ.

මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී පැවති කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායක ඩිල්ශාන් තිලකරත්න කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන බව ප්‍රකාශ කළේ ය.

අද තරගයට ලසිත් මාලිංග සහ රංගන හේරත් එක් ව සිටින අතර සුරංග ලක්මාල් සහ සුරාජ් රන්දිව් අද තරගයට සහභාගී නො වේ.

E.coli නිසා 22ක් මියයති

යුරෝපය පුරා පැතිර යන E.coli නම් බැක්ටීරියාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඉන් පුද්ගලයන් 21 දෙනෙකු ජර්මන් ජාතිකයන් වන අතර එක් අයෙකු ස්වීඩ්න් ජාතිකයෙකු වේ.

මේ වන විටත් ජර්මන් වැසියන් 2150කට අධික පිරිසකට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ඕස්ට්‍රේලියාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය හා එක්සත් රාජධානිය වැනි රටවලින් ද මෙම බැක්ටීරියාව ආසාදනය වූවන් හඳුනාගෙන තිබේ.

මෙම බැක්ටීරියාව කුමන මූලයකින් හට ගන්නේදැයි මෙතෙක් සොයාගෙන නොමැති අතර විද්‍යාඥයන් විසින් තවදුරටත් ඒ පිළිබඳ ව පරීක්ෂණ සිදුකරමින් සිටී.

ප‍්‍රධාන කී‍්‍රඩා පුහුණුකරුවන් 06 දෙනෙක් පත් කෙරේ

මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දක්ෂතා ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජගත් පදක්කම්ලාභී කී‍්‍රඩකයින් බවට පත් කිරීම සඳහා ප‍්‍රධාන මලල කී‍්‍රඩා ඉසව් 06ක් නියෝජනය කරමින් ජාතික කී‍්‍රඩා පුහුණු අධ්‍යක්ෂ යටතේ ප‍්‍රධාන කී‍්‍රඩා පුහුණුකරුවන් 06 දෙනෙක් පත් කොට ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

ප‍්‍රවීණ මලල කී‍්‍රඩා උපදේශකයින් වන සජින් ජයලාල්, සුනිල් ගුණවර්ධන, ඩර්වින් පෙරේරා, යු.කේ. කුලරත්න හා දිසානායක මහත්වරු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පත්කර ඇති අතර ජාතික මලල කී‍්‍රඩා පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස යෝගානන්ද විජේසුන්දර මහතා පත්කොට ඇත.

ජාතික මලල කී‍්‍රඩා සිව් අවුරුදු සැලැස්ම යටතේ ජාතික මලල කී‍්‍රඩා සංගමයේ නිර්දේශය අනුව මෙම පුහුණුකරුවන් පත් කොට ඇත.

JPAGE_CURRENT_OF_TOTAL