අන්තර් පාසැල් ක්‍රිකට් තරග දැන් ආරම්භ වෙලා. කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් දෙකක් අතර ක්‍රිකට් තරග අද එස්.එස්.සී. පිටියේදී ආරම්භ වෙනවා. ඒ රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතරයි. මේ සටන හදුන්වන්නේ නිල්මහ සටන යනුවෙනුයි. කාසියේ වාසිය ලබාගත් ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවට පහරදීම සදහා රාජකීය කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.
ලක්කෙළිබිම
11 වන ද. ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන
රට රන් රීදී ලෝකඩ එකතුව
ඉන්දියාව 90 55 29 174
පකිස්තානය 19 25 36 80
බංග්ලාදේශය 18 23 56 97
ශ්‍රී ලංකාව 16 35 54 105
නේපාලය 8 9 19 36
ඇෆ්ගනිස්ථානය 7 9 16 32
භූතානය - 2 3 5
මාලදිවයින - - 2 2
සාක් ක්‍රීඩා උළෙල
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන සාක් ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් (Hand Ball) තරගාවලිය අද ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික හෑන්ඩ් බෝල් තරගයකදී පළමු ගෝලය වාර්තා කිරීමට නාලක සමන් කුමාරට හැකිවිය. අවසන් තරගය සදහා ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුන අතර ගෝල 58 : 10 ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය.
මේ වන විට සාක් පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර රන් පදක්කම් 2, රිදී පදක්කම් 2 ක් හා එක් ලෝකඩ පදක්කමක් ලබා ඇත.
මේ වන විට කාන්තා සහ පිරිමි බැඩ්මිටන් අවසාන තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව අද පස්වරුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැඩ්මින්ටන් අවසන් තරග පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්
බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් හිමිකර ගනී.
බර ඉසිලීමේ තරග නියෝජනය කළ කමල් බණ්ඩාර සහ චින්තක විදානගේ විසින් මෙම පදක්කම් දිනාගන්නා ලදී. කිලෝ ග්රෑම් 56 බර පන්තිය යටතේ තරග වැදුණු කමල් බණ්ඩාර කිලෝ ග්රෑම් 230ක බරක් ඔසවමින් එහි රන් පදක්කම දිනාගත්තේය.
එසේම කිලෝ ග්රෑම් 69 බර පන්තිය යටතේ තරග කළ චින්තක විදානගේ විසින් මෙම බර පන්තියේ රන් පදක්කම දිනාගත්තේය. ඔහු මෙහිදී කිලෝ ග්රෑම් 297ක බර ප්‍රමාණයක් ඔසවනු ලැබීය.
11 වෙනි සාග් ක්‍රීඩා උළෙල ඇරඹෙයි
11 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හෙවත් ‘‘සාග්’’ ක්‍රීඩා උළෙල ඊයේ (29) ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ආර්ම්භ කෙරිණි. බංගලිෙද්ශයේ ප්‍රධනතම ජාතික ක්‍රීඩාංගනය වන බංග බන්දු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දින 12ත් පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්වේ.බංගලිදේශයේ අගමැතිනි ෂික් හෂීනා මහත්මිය විසින් ඊයේ මෙම උළෙල නිල වශයෙන් විවෘත කෙරිණි. ලබන පෙබරවාරි 9දා දක්වා උළෙල පැවැත්වෙයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 375 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායමක් මෙම උළෙල සඳහා සහභාගි වෙති. ක්‍රීඩා ඉසව් රැසකට මෙම පිරිස සහභිගිවී තම දක්ෂතා එළිදැක්වීමට නියමිතයි.
ද. ආසියානු තරඟ හෙට සිට
11 වන ද. ආසියානු තරඟාවලිය හෙට බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. හෙට සිට පෙබරවාරි 9 දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත. මේ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත. ඒ ක්‍රීඩා ඉසව් 23 ක් වෙනුවෙනි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක චමින්ද විජේකෝන් මහතා මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.
බංග්ලාදේශයේ ස්ථාන 20 කදී මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත. බංග්ලාදේශයේදී මෙවර මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ 3 වන වතාවටයි.
ඉන්දු ලංකා 20/20 ඇරඹේ
දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ
දෙරට අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා පූර්වකව ක්‍රීඩා කරයි.



ලක්කෙළිබිම