මීළඟ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි. ඒ අනුව මීළඟ 20/20 ක්‍රිකට් තරඟාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන සාමාජික රටවල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන සාමාජික රටවල් සංඛ්‍යාව අඩු කිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මේ පිළිබඳ අවසන් තීරණ එළඹෙන සැප්තැම්බර් මාසයේදී දැනුම්දීමට නියමිතය.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


