Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම ඉන්දු -ශ්‍රී ලංකා දෙවන ගැටුම

ඉන්දු -ශ්‍රී ලංකා දෙවන ගැටුම

ඉන්දියාව  හා ශ්‍රී ලංකා අතර පැවැත් වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද  එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කුමාර සංගක්කාර ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වන අතර මහේල ජයවර්ධනට උපනායකත්වය හිමි වී ඇත.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම හේතුවෙන් හිස්වු එම ස්ථානයට අජන්ත මෙන්ඩිස් නම් කර තිබේ.

මෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේදී පසුගියදා පැවැත් විණි. ලොව සුපිරි ටෙස්ට් ක්‍රිකට් තරුවක් වූ මුත්තයියා මුරලිදරන් සහභාගි වූ අවසන් ටෙස්ට ක්‍රිකට් තරගය ද එය විය.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විටත් ප්‍රථම ස්ථානය හිමි වන ඉන්දීයාවට එම ස්ථානය රැකගැනීම සඳහා ශ්‍රි ලංකා සමග අද පැවැත්වෙන තරගය ඉන්දීය කණ්ඩායමට වඩාත් වැදගත් වේ.

සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත් වෙන මෙම තරගාවලියේ ටෙස්ට් තරග තුනක් පැවැත් වේ.