Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම සංගා ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ පෙරමුණට

සංගා ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ප්‍රථම ස්ථානයට පත්වී ඇත.

පසුගියදා ඉන්දියාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් වාර්තා කිරීම මීට හේතු වී ඇත.

මෙම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඉන්දියානු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් විසින් ද, තෙවන ස්ථානය මහේල ජයවර්ධන විසින් ද හිමි කරගෙන ඇත.

මේ අතර එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව තිලකරත්න ඩිල්ෂාන් හත්වන ස්ථානය ලබාගෙන තිබේ.