Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ප්‍රසන්න ක්‍රීඩිකාව චන්ද්‍රිකා

වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ප්‍රසන්න ක්‍රීඩිකාව චන්ද්‍රිකා

2010 වසරේ ශ්‍රි ලංකාවේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ප්‍රසන්න අමරසේකර හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් චන්ද්‍රිකා සුභාෂිනි නම් කර තිබේ.

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දැක්වු දක්ෂතා මත මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඇත.

තරඟාවලියේදී මීටර් 400 ධාවන තරගය තත්පර 47 .02 නිම කිරීමට ප්‍රසන්න අමරසේකර සමත් වු අතර, එම ඉසව්ව තත්පර 54 .34 න් නිම කිරීමට චන්ද්‍රීකා සුභාෂිනි සමත් විය. මීටර් 100 පිරිමි ධාවන තරගය තත්පර 10 .75 න් නිම කළ බී.ආර්.ඒ.හසරංග වසරේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ද, එම තරගය තත්පර 12 .03 නිම කළ චමරි ප්‍රියදර්ශනී වසරේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගනු ලැබීය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී 88 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය දින ආරම්භ වූ අතර එම තරඟාවලිය ඊයේ (08) අවසන් විය.