Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම ශ්‍රී ලංකාව හා නවසීලන්තය අද තරග වදී

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අද තරග වදී

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය අද (13) නවසීලන්තයට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ දෙවන තරගය මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර (නායක), මහේල ජයවර්ධන (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපුගෙදර, චාමර සිල්වා, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිලාන් සමරවීර, සුරාජ් රන්දීව්, රංගන හේරත් හා තිසර පෙරේරා යන ක්‍රීඩකයන් මෙම තරගාවලිය සඳහා නම්කර ඇත.

පසුගියදා ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති ප්‍රථම තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත්විය.