ශ්රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (28) පස්වරුවේ එංගලන්තයේ ඕවල් කී‍්‍රඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5කින් සමන්විත වේ.
සුපිරි පිතිකරු සනත් ජයසූරිය ඔහුගේ අති විශිෂ්ට ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙය වනු ඇත.
මෙම තරගාවලියේ දෙවන තරගය ජුලි 01දා ලීඩ්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත ව ඇත.


