Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: දසත ලක්කෙළිබිම තරගාවලියේ පරාජය සමඟ අවසන් තරගය අද

තරගාවලියේ පරාජය සමඟ අවසන් තරගය අද

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (22) කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ඇරඹේ.‍

තරග 5කින් තරග 3ක් ම ජයගත් ඕස්ට්‍රේලියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම ලෙසිනි.

සිව්වන තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවට හිමිකර ගත් අතර ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 7ක් ම බිඳ වැටුණේ ලකුණු 37කට ය.

දිනේෂ් චන්දිමාල්, චාමර සිල්වා සහ ජීවන් මෙන්ඩිස් තරගාවලියේ සියලු ඉනිමවලදී අසාර්ථක වීම කැපී පෙනේ. ශ්‍රී ලංකා පිලේ මැද පෙළ අසාර්ථකවීම තරගාවලියේ පරාජයට ඉවහල් වූ බව ලකුණු සටහන අනුව පෙනේ. තරගාවලියේ කඩුලු 3කට වඩා බිඳ දැමූ එක ම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංග ය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග ක්‍රීඩකයන් අතරින් නම් කෙරෙනු ඇත.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරති, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ජෝන් හැස්‌ටින්ග්ස්‌, මිෂෙල් ජොන්සන්, ෂෝන් මාෂ්, ඩේම්ස්‌ පැටින්සන් සහ ස්‌ටීවන් ස්‌මිත්ගෙන් සමන්විත වේ.

අද තරගය දිවා රාත්‍රී තරගයකි. රැන්මෝ මාර්ටිනස් සහ ටෝනි හිල් අද තරගයේ විනිසුරුවෝ ලෙස කටයුතු කරති.