Wednesday, Mar 10th

Last update:11:35:22 AM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම සාක් ක්‍රීඩා උළෙල

සාක් ක්‍රීඩා උළෙල

SAARC_1

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන සාක් ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් (Hand Ball) තරගාවලිය අද ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික හෑන්ඩ් බෝල් තරගයකදී පළමු ගෝලය වාර්තා කිරීමට නාලක සමන් කුමාරට හැකිවිය. අවසන් තරගය සදහා ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුන අතර ගෝල 58 : 10 ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය.

මේ වන විට සාක් පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර රන් පදක්කම් 2, රිදී පදක්කම් 2 ක් හා එක් ලෝකඩ පදක්කමක් ලබා ඇත.

මේ වන විට කාන්තා සහ පිරිමි බැඩ්මිටන් අවසාන තරග සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. ඒ අනුව අද පස්වරුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැඩ්මින්ටන් අවසන් තරග පැවැත්වීමට නියමිතය.