Thursday, Mar 11th

Last update:04:09:35 PM GMT

Headlines:
You are here: දසත දසත විත්ති

දසත විත්ති

ඓතිහාසික තීරණයක්

ලෝක කාන්තා දිනය ගතවී දින කිහිපයක් ගෙවුනා පමණි. ලෝකයේම අවධානය ඉන්දියාව දෙසට යොමුවෙමින් තිබේ. ඒ අනෙකක් ‍නිසා නොවේ. ඉන්දීය දේශපාලනය හා කාන්තා පරපුර නව මාවතකට යොමු කරමින් ඉන්දීය පාර්ලමේන්තුව නව තීරණයකට එළඹීම එයට හේතුවයි. ඉන්දීය කාන්තාව සදහා එරට දේශපාලනය තුල 33% ක් වෙන්කිරීමේ යෝජනාව ඊයේ එරට පාර්ලිමේන්තුවේදී සම්මත විය. පැය තුනක් පුරා පැවති විවාදයෙන් පසු මෙම යෝජනාව සම්මත විය.

මේ අතර රුසියානු අග්‍රාමාත්‍ය ව්ලැඩ්මීර් පුටින් අද ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය. 1950 පටන් දෙරට අතර තිබූ සබදතා මේ හේතුවෙන් තවදුරටත් ශක්තිමත් වන බව විචාරකයන්ගේ අදහසය. අගමැතිවරයා මෙහිදී අවි ගණුදෙනු ඇතුළු ගිවිසුම් රැසක් අත්සන් කිරීමට නියමිතව ඇත. මෙම ගිවිසුම්වල වටිනාකම ඩොලර් බිලියන 10 කට වැඩි බව වාර්තා වෙයි. තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරය පිළිබද සොයාබැලීමට අගමැතිවරයා තීරණය කර ඇත.

ඉන්දියාවට ආයුධ සපයන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාවයි.

තූර්කියේ භූ කම්පනයක්

_1මීට සුළු මොහොතකට පෙර තූර්කියේ ඇතිවූ භූමි කම්පනයකින් 57 දෙනෙකු මරණයට පත්වූ බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි. දැනට වාර්තා වන තොරතුරු අනුව තූර්කියේ එලාසිග් ප්‍රාන්තයේ ගම්මාන 6 ක් මෙම භූ කම්පනයෙන් විනාශයට පත් වී ඇත.

“මුළු ගම්මානයම සම්පූර්ණයෙන්ම විනාශයි”

_2මෙහෙම පැවසුවේ ඔක්කියුලර් ගමේ පරිපාලන නිළධාරියෙක් වන හසන්න ඩෙට්රඩැග් විසිනුයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක අංක 5.5 ක් ලෙස සටහන්ව ඇත.

 

_3

උදුම්බරා මල් චීනයෙන් සොයා ගැනේ

Udumbaraඉතාමත් දුර්ලභ “බෞද්ධ මලක්” චීනයේ ගමක පිපී ඇති බවට එංගලන්තයේ පුවත්පතක් වන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පලකොට ඇත.

චීනයේ ජියංෂි ප්‍රාන්තයේ ලූෂාන් කදුකරයේ චීන මෙහෙනින්වහන්සේ නමකගේ නිවසේදී මෙම මල හමුවී තිබේ.

මෙම පුවත අනුව බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ සදහන් වන උදුම්බරා නමැති මෙම මල පිපෙන්නේ අවුරුදු 3000 කට වරක් පමණි. මෙම නම සංස්කෘති භාෂාවේ සදහන් වන එකක් බව සදහන් කරන මෙම පුවත් පත ඊට “බෞද්ධ මලක්” යයි සදහන් කර ඇත්තේ එම මලේ නම බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේද සදහන් වන නිසා වෙන්නට පුළුවන.

අවුරුදු 50 ක් වයසැති මියාඕ වෙයි මෙහනින් වහන්සේගේ නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් යට කුඩා සුදු මල් පොකුරක් දැක ඇත. පණුබිත්තර වෙන්නට ඇතැයි මුලදී සිතූ නමුත් පසුවදා ඉතාමත් සුවද සුදු මල් පොකුරක් ඇගේ නෙත්වලට යොමු විය.

මෙම මල් දිව්‍ය ලෝකයෙන් ලැබුන සුභ මලක් ලෙස මෙහෙනින් වහන්සේගේ ගමේ පන්සල්වල මතයක් පවතී.

ශීත සෘතු ඔලිම්පික් අවසන්

vancouver-olympics-2010ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ඊයේ නිමාවට පත්විය. එහි පළමුස්ථානයට පත්වීමට කැනඩාව සමත් විය. ඒ රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ලබා ගනිමිනි. දෙවන ස්ථානය ජර්මනියටද, තෙවන ස්ථානය ඇමරිකාවටද හිමිවිය. රටවල් 187 ක සහභාගිත්වයෙන් දින 17 ක් පුරා මෙම තරගාවලිය පැවැත්වුණි. ආරම්භක දිනයේදීම සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙන් මරණයට පත් වුවද තරගාවලිය සාර්ථකව අවසන් වූ බව සංවිධායක මණ්ඩලය පවසයි.

තවත් ලෝක වාර්තාවක්

ඔරුවක නැගී ඇමර්සන් ගංගාව තරණය කොට ලෝක වාර්තාවක් තැබීමට ඇමරිකානු ජාතික කාන්තාවක් සමත් වී සිටියි. ඇය හෙලන් සාපෙල්ටන් වෙයි. ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ පිග්මිවරුන් භාවිතා කල ඔරුවක් බව වාර්තා වෙයි. කෙසේ වුවත් ඉතා අවදානම් තරගයක නිරත වූ ඇයි තම කාර්ය අවසන් කරන මොහොතේදී දහස් ගණන් පිරිසක් එක්ව ඇයට සුබ පැතූ බවද ආරංචි මාර්ග පවසයි.

සුකී තවදුරටත් නිවාස අඩස්සියේ

sansuukyiමහත් ආන්දෝලනයට ලක්ව ඇති මියන්මාරයේ හිටපු නායිකාවක වන අවුත්සාං සුකී නිදහස් කිරීම පිළිබද පෙත්සම එරට අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇය වසර 15 ක සිට එරට හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවන්නේ ඇමරිකාව ඇතුළු ප්‍රබල රටවල් කිහිපයකම විරෝධතාවය නොතකමිනි.

මියන්මාරයේ මහා මැතිවරණය ඉදිරියේ පැවැත්වීමට නියමිතව ඇත.

හයිටි දරුවන් අඳුරේ

hityභූමි කම්පා‍වකින් විනාශයට පත්වූ හයිටි රටේ දස දහස් ගණනක් අදත් ජීවත් වන්නේ දැඩි දුෂ්කරතා මැදය. සිය නිවෙස් විනාශ වී අනාථ තත්ත්වයට පත්වූවෝ තාවකාලික කූඩාරම්වලට වී සිටිති.

ආහාර, නිවාස, බෙහෙත් සහ වෙනත් අඩුපාඩු නිසා දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී සිටින මොවුන්ට නිසි වැසිකිළි පහසුකම් නැත. ඒ නිසා ලෙඩ රෝග පැතිර යන තත්ත්වයක් මතුවී ඇත. වැසියන් 2000 ක් එක වැසිකිළියක් පාවිච්චි කරන තත්ත්වයක් ඇති වී තිබේ.

ජලය, නිවාස, ආහාර සැපයීම බරපතල ගැටළුවක් වී ඇති අතර අනාථවූ දරුවන්ගේ අනාගතයද එවැනිම අවිනිශ්චිත එකක් වී ඇත. මේ අතර අනාථවූ දරුවන් විකිණීමේ ජාවාරමක්ද ආරම්භ වී ඇත. මෙසේ අනාථවූ දරුවන් හදාවඩා ගැනීමට ඇමෙරිකානුවන්ට දෙන්නට හයිටි දෙමවුපියන් ඉදිරිපත් වී සිටිති.

හයිටි අනාථ දරුවන්ගේ අනාගතය අඳුරු තත්ත්වයක පවතින අතර දියුණුවෙමින් පවතින රටවල දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ඩොලර් බිලියන 10 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. අවුරුදු 10 ක් තුලදී මේ මුදල වැය කරනු ඇත්තේ පාචනය සහ නියුමෝනියාව සුවකරන එන්නත් බිහි කිරීමටය. 2020 වන විට මෙම රෝගවලින් මියයන දියුණුවන රටවල දරුවන්ගේ ගණන විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. 2020 වන විට දුප්පත් රටවල දරුවන්ගෙන් 90% ක් යටකී රෝගවලින් බේරා ගැනීමට හැකිවනු පරිදි එම ‍ ඖෂධ එන්නත් කරනු ඇත.

2020 වන විට එන්නත් ඖෂධ ලබාදීමෙන් අවුරුදු පහෙන් පහල දරුවන් 96 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කළේය. 2014 වන විට මැලේරියාව සදහා එන්නතක් සොයාගන්නට හැකි වුවහොත් තවත් දරුවන් 11 ලක්ෂයක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනු ඇතැයි ගේට්ස් මහතා කීය.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මෙසේ විශාල මුදලක් එන්නත් සදහා ලබා දී තිබේ. මෙම දශකය එන්නත් දශකයක් කළ යුතු යයි පැවසූ බිල් ගේට්ස් මහතා දැනටමත් එන්නත් මගින් දරුවන් මිළියන ගණන් ආරක්ෂා වෙන බවද කීය.

ද. ඉන්දීය දේශපාලනය කැළඹේ

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකඩ කිරීමේ යෝජනාවක් නිසා ඉන්දියාවේ දේශපාලනය කැලැඹෙන්නට පටන්ගෙන තිබේ.

මේ නිසා අන්ද්‍රා ප්‍රදේශ් ආණ්ඩුවද පත්ව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය තෙලගානා, ආන්ද්‍රා සහ රයලසීමා යන කලාප වලින් සෑදුන ප්‍රාන්තයකි. මෙම කලාපවලින් තෙලගානා කලාපය තනි ප්‍රාන්තයක් ලෙස බිහි කිරීම සදහා ක්‍රියාත්මක වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ඊට ඉඩ දීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණයක් නිසා ඉන්දියාවේ දේශපාලනය මෙසේ කැළඹී ඇත.

තෙලගානා කලාපය වෙනම ප්‍රාන්තයක් කරන ලෙස තෙලගානා රාෂ්ට්‍ර සමිති නැමති දේශපාලන සංවිධානයේ නායක කේ. චන්ද්‍රසේකර රාඕ ආරම්භ කළ උපවාසයට දින 11 ක් ගතවූ අවස්ථාවේදී එම කලාපය වෙනම පාලන ඒකකයක් බවට පත්කිරීම මූලික පියවර ගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති පී.චිදම්බරම් මහතා පසුගිය 9 දා ප්‍රකාශ කළේය. මධ්‍යම ආණ්ඩුවේ මෙම තීරණය නිසා ආන්ද්‍රා ප්‍රදේශ් දේශපාලනය උග්‍ර අර්බුදයකට පත්ව ඇත.

එහි රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 138 ක් ඉන් ඉවත් වීමේ ලිපි කථානායකවරයාට යවා ඇති අතර ඇමතිවරු 20 ක් ඇමති පදවි වලින් ඉවත්වීමට තීරණය කර ඇත. මේ ආරාවුල මෙසේ ‍පවතින අතර අළුත් ප්‍රාන්ත සභා ඇති කරන ලෙස කරන ඉල්ලීම් හැම පැත්තකින්ම ඉදිරිපත් වෙන්නට පටන් ගෙන තිබේ.

සමහර ඉල්ලීම් බොහෝ කාලයක් සිට කරනු ලබන ඒවාය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය බෙදා තෙලගානා ප්‍රාන්තය යනුවෙන් ප්‍රාන්තයක් ඇති කිරීම ගැන මුළු රටේම විරෝධයක් පැන නැග තිබේ. ආන්ද්‍රා ප්‍රාන්තය බෙදීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය අනුමත හදිසි එකක් ලෙස එම ප්‍රාන්තයේ මන්ත්‍රීවරු හදුන්වා දී තිබේ.

මධ්‍යම ආණ්ඩුවේ තීරණය නිසා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සෑම දේශපාලන පක්ෂයක් තුලම භේද ඇතිවී තිබේ. මේ නිසා මන්ත්‍රී සභාවේ වැඩද ඇනහිට තිබේ. මන්ත්‍රීවරු 139 දෙනෙක් ඉල්ලා අස්වීමේ ලියවිලි කථානායකවරයාට භාර දී ඇත.

වැනසෙමුද? ආරක්ෂා වෙමුද?

ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා මානවයාගේ පැවැත්ම පිළිබද මතු වී ඇති අවදානමෙන් බේරීම සදහා පිළිතුරු සොයන ඓතිහාසික ලෝක නායකයින්ගේ සම්මේලනය මේ මස (දෙසැම්බර්) 07 වෙනි දා ඩෙන්මාර්ක්හි අගනුවර වන කෝපන්හේගන් නගරයේදී ආරම්භ විය. මෙම සම්මේලනය සාර්ථක ප්‍රතිඵල ගෙනදෙනු ඇත්දැයි යන සැකය මේ වන විට පහවී ඇත. චීනය සහ ඉන්දියාව විශාල වශයෙන් කාබන් වායුව ගුවනට මුදාහරින රටවල් දෙකකි. මේ රටවල් දෙකම කාබන් නිකුත් කිරිම සීමා කිරිමේ යෝජනාවලට එකගවීම සහ ඇමෙරිකාව එවැනිම ස්ථාවරයකට පැමිණ තිබීම මෙම සැකය පහකිරිමට හේතු වී ඇත. මෙම සම්මේලනය දින 12 ක් පැවැත්වෙනු ඇත.

මෙම ඓතිහාසික සම්මේලනය සනිටුහන් කිරීම සදහා රටවල් 45 ක පුවත්පත් 56 ක් පොදු කතුවැකියක් පලකරන ලදී. එම කතුවැකියේ කොටස් කීපයක් සදහන් කිරීමෙන් මානවයා ඔහුගේ අනාගතය පිළිබද මුහුණපා ඇති අවදානම ගැන යම් අවබෝධයක් ලබාගන්නට පුළුවන.

“රටවල් 45 ක පුවත්පත් 56 ක් මෙතෙක් නොවූ විරූ අන්දමින් පොදු කතුවැකියක් නියා එක හඩක් නගන්නෙමු. අපි එසේ කරන්නේ මනවයා අද ඉතා දරුණු හදිසි අවස්ථාවකට මුහුණ පා සිටින නිසාය. නිර්මාණාත්මක තීන්දු ගැනීමට අපි සියලු දෙනා එකමුතු නොවුනහොත් කාලගුණික විපර්යාස අපේ ලෝකය විනාශ කරනු ඇත. ඒ සමගම අපේ අභිවෘද්ධිය සහ සුරක්ෂිත භාවය විනාශ වනු ඇත. පරම්පරාවකට වැඩි කාලයක් තිස්සේ මෙම අනතුරු පෙනෙමින් තිබිණ. දැන් සත්‍ය කරුණු විසින් ඒ බව පෙන්නුම් කරමින් පවතී. පසුගිය අවුරුදු 14 න් 11ක්ම උෂ්ණය අධිකවූ කාලපරිච්ඡේදය වේ. ආක්ටික්වෘතය දියවෙමින් පවතී. ඉදිරි අනාගතයේදී ඇතිවෙනු ඇති විනාශය පසුගිය අවුරුද්දේදී වැඩි තෙල් මිළ සහ ආහාර මිළ අධික වීමෙන් ඇතිවූ තත්ත්වයන්ගෙන් තහවුරු කරයි. මානවයා මේ තත්ත්වයට වගකිව යුතුද යන ප්‍රශ්නය විද්‍යා සගරාවලින් සාකච්ඡා කරන්නේ මේ විනාශය අවම කර ගැනීමට අපට ඇති සීමිත කාලය ගැනයි. එහෙත් අද වනවිටත් මේ තත්ත්වයට ලෝකයේ ප්‍රතිචාරය දුර්වලවූත් මන්දෝත්සාහි වූත් එකකි.”

පිටුව 1 / 2