Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත දසත විත්ති මෙවර සාර්ක් සමුළුව භූතානයේ තිම්පු නුවර දී

මෙවර සාර්ක් සමුළුව භූතානයේ තිම්පු නුවර දී

මෙවර සාර්ක් සමුළුව භූතානයේ තිම්පු නුවර දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එය  අප්‍රේල් 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වී ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳව කලාපයේ රටවල අවධානය යොමු කිරීමය.

16 වන වරට සංවිධානය කර ඇති මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන විදේශ අමාත්‍ය සමුළුව අප්‍රේල් 27 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. මීට අමතරව සාමාජික රටවල් අතර ඊට සම්බන්ධ ගිවිසුම් සහ සහයෝගීතාවයන්ට එළඹීමට ද මෙමගින් අපේක්ෂා කර ඇත.

ඔස්ට්‍රේලියාව, චීනය, යුරෝපා සංගමය, ඉරානය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක් සාර්ක් සංවිධානයේ නිරීක්ෂණ රාජ්‍යයන් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකාව, නේපාලය,  පාකිස්ථානය, මාලදිවයින, බංගලාදේශය, ඉන්දියාව,භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය දරයි.