පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පුද්ගලයන් 152 දෙනෙකු රැගත් ගුවන් යානාවක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එයාර්බස් A321 වර්ගයට අයත් මෙම ගුවන් යානාව කරච්චියේ සිට ඉස්ලාමාබාද් දක්වා පැමිණ ඇති අතර මෙහි ගුවන් මගීන් 146 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිට ඇත.
මෙම ගුවන් අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී වාර්තා පළ වන බව මාධ්‍ය පෙන්වා දෙයි.
යානාව අනතුරට පත්වූ ප්‍රදේශය කඳු සහිත ප්‍රදේශයක් වන අතර අයහපත් කාලගුණ තත්ත්වය මෙම අනතුරට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


