Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත දසත විත්ති ජපානයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් 132 ක් මරුට

ජපානයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් 132 ක් මරුට

Image
ජපානයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 132 දෙදෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ ආයතනය පවසයි. මෙසේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගිය ජූනි මස 01 දින සිට මෙම මස 15 වනදා දක්වා එරට වැසියන් 31,579 දෙනෙකු රෝහල්ගත කර ඇත.

ජූලි මාසය තුළ පමණක් මේ හේතුවෙන් පුද්ගලයන් 17,680 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 94 දෙනෙකු මියගොස් ඇත.

මෙසේ රෝහල්ගත කර ඇති පුද්ගලයන් අතරින් 48%ක්ම වයස අවුරුදු 65 හෝ එය ඉක්මවූවන් බව ආපදා කළමනාකරණ ආයතනය පෙන්වා දෙයි.

මේ වනවිට ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් පමණ වේ.