Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: දසත දසත විත්ති පැසිපික් සයුරේ ප්‍රබල භූ කම්පනයක්

පැසිපික් සයුරේ ප්‍රබල භූ කම්පනයක්

20110110.jpg

තදබල භූමි කම්පාවක් පැසිපික් සාගරයේ ඔස්ට්‍රේලියාවට ඊසාන දෙසින් පිහිටි වනාටෝ දූපත් නුදුරු ව සිදු ව ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරයි. නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැත.

මේ භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයකින් යුතු බව ඊයේ පළමුව වාර්තා කළ ද අද (10) වාර්තාවන්නේ එය 6.9කින් යුක්ත බවය. සාගර පතුලේ සිදු ව ඇති එහි එපිකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 31.1කි.

මේ වනතුරු අනතුරු කිසිවක් වාර්තා නො වේ. කැලිෆෝර්නියා, ඔරිගන්, වොසින්ටන්, බ්‍රිටිෂ් කොළොම්බියා හෝ ඇලස්කා වෙරළබඩ පෙදෙස්වලට ඉන් හානියක් සිදු නො වන බව විදෙස් වාර්තා පවසයි.