කියුබාවේ නායක පිදෙල් කස්ත්‍රෝ මහතා කියුබා කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ ම නායක තනතුරින් අද (19) ඉවත් වූ බව ප්‍රකාශයට පත් කර තිබේ.
සිය සහෝදරයා වන රාවුල් කස්ත්‍රෝ මේ වනවිට කියුබාවේ නායකත්වය උසුලන අතර ‘තමාට දැන් පක්ෂ නායකත්වයේ පෙර මෙන් කටයුතු කිරීම අපහසු බව රාවුල් දන්නා බව‘ ෆිඩෙල් කස්ත්‍රෝ පවසා තිබේ.
1965 පිහිටුවන ලද කියුබා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ පළමු වන ලේකම්වරයා ලෙස පත් වූ ෆිඩෙල් කස්ත්‍රෝ විප්ලවයකින් බලය අල්ලා ගැනීමෙන් පසු ව කියුබානු සමාජවාදී රාජ්‍යය බිහිකළේ චේ ගෙවේරා ද සමඟ එක් ව සටන් කරමිනි. මේ වනවිට ෆිඩෙල් කස්ත්‍රෝ 84 වන වියේ පසු වේ.


