Wednesday, Apr 23rd

Last update:09:02:32 PM GMT

You are here: දසත දසත විත්ති E.coli ගැන යුරෝපා සංගමයේ සාකච්ඡාවක්

E.coli ගැන යුරෝපා සංගමයේ සාකච්ඡාවක්

e_coli_200_147

මේ වන විට යුරෝපාකරයේ පැතිර යන මාරාන්තික E.coli බැක්ටීරියාව මුල් ඇද්ද වූ ධාන්‍යවලින් හටගන්නට ඇතැයි විද්‍යාඥයන් සැක පළකරයි.

මේ අතර ඒ සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයේ කෘෂිකර්ම අමාත්‍යවරුන් ද එක්රැස් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම බැක්ටීරියාව ශරීර ගතවීම නිසා මේ වන විට පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇති අතර ජර්මනිය ඇතුළු රටවල් 12ක එය පැතිර ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයන් 2200කට අධික පිරිසකට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇත. ජර්මනිය කරා සිදුවන සංක්‍රමණ හේතුවෙන් එරටින් පිට වෙනත් රටවල් කරා මෙම බැක්ටීරියාව පැතිර යාමට හේතු වී ඇත.

මෙම බැක්ටීරියාව පිළිබඳ ව පවතින බිය හේතුවෙන් තක්කාලි, සලාද වර්ග වැනි දෑ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අදාළ රටවල අනතුරු ඇඟවීම් ද සිදුකර ඇත.