You are here: දසත දසත විත්ති අයිරින් කුණාටුවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 10ක හානියක් ?

අයිරින් කුණාටුවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 10ක හානියක් ?

hurricane_irene_america_200_135

අමෙරිකාවේ ශ්‍රී ලංකිකයන් ගැන විමසීමට දූරකතන අංක තුනක්
අමෙරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බව වාර්තා වේ.

නිව් යෝර්ක්, නිව් ජර්සි, වර්ජනියා, උතුරු කැරොලිනා, මේරිලන්ඩ්, ඩෙලවර් යන පෙදෙස්වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ පෙරවරු 2.00ට පමණ අමෙරිකාව ඇතුළු වූ සුළි කුණාටුව ලබන බදාදා දක්වා අමෙරිකා එක්සත් ජනපදය හරහා හමා යන බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දේ.

එම පෙදෙසේවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය තොරතුරු දැන්වීම සඳහාත් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට අමෙරිකාවේ වෙසෙන තම ඥාති හිතෛෂීන් පිළිබඳ ව තොරතුරු දැනගැනීම සඳහාත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන තොරතුරු සේවාවක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත තානාපති කාර්යාල නිලධාරීන් නොකඩවා මේ සඳහා සහය වන බව ද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

තානාපති කාර්යාලයේ ඍජු දූරකතන අංකය 011 202 352 0355 (සුසන්තා) සහ 011 202 340 0032 අංකයෙන් වසන්තා පෙරේරා මහත්මිය ද 001 202 390 3034 අංකයෙන් බ්‍රිගේඩියර් ඩඩ්ලි වීරමන් මහතා ද අමතා අවශ්‍ය තොරතුරු දැනගත හැකි බව එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.