ඉතාමත් දුර්ලභ “බෞද්ධ මලක්” චීනයේ ගමක පිපී ඇති බවට එංගලන්තයේ පුවත්පතක් වන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතේ පලකොට ඇත.
චීනයේ ජියංෂි ප්‍රාන්තයේ ලූෂාන් කදුකරයේ චීන මෙහෙනින්වහන්සේ නමකගේ නිවසේදී මෙම මල හමුවී තිබේ.
මෙම පුවත අනුව බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ සදහන් වන උදුම්බරා නමැති මෙම මල පිපෙන්නේ අවුරුදු 3000 කට වරක් පමණි. මෙම නම සංස්කෘති භාෂාවේ සදහන් වන එකක් බව සදහන් කරන මෙම පුවත් පත ඊට “බෞද්ධ මලක්” යයි සදහන් කර ඇත්තේ එම මලේ නම බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේද සදහන් වන නිසා වෙන්නට පුළුවන.
අවුරුදු 50 ක් වයසැති මියාඕ වෙයි මෙහනින් වහන්සේගේ නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් යට කුඩා සුදු මල් පොකුරක් දැක ඇත. පණුබිත්තර වෙන්නට ඇතැයි මුලදී සිතූ නමුත් පසුවදා ඉතාමත් සුවද සුදු මල් පොකුරක් ඇගේ නෙත්වලට යොමු විය.
මෙම මල් දිව්‍ය ලෝකයෙන් ලැබුන සුභ මලක් ලෙස මෙහෙනින් වහන්සේගේ ගමේ පන්සල්වල මතයක් පවතී.


