චිලී රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස සෙබස්තියන් පෙරෙයිරා අද (12) වැඩ භාරගත්තේය. ජනාධිපතිවරයා වැඩ භාරගන්නා මොහොතේදී රිච්ටර් මාපකාංක 6.9 ක භූ කම්පනයක්ද එරටින් වාර්තා විය. එයින් කිසිඳු හානියක් වාර්තා නොවන අතර ජනාධිපතිවරයා පවසන්නේ රාජකාරී භාරගැනීමට සුදුසුම මොහොත භූ කම්පනයෙන් සනාථ කරන බවයි.
චිලී හි හිටපු ජනාධිපති මිචෙල් මැචෙල්ගෙන් පසු සෙබස්තියන් පෙරෙයිරා ජනාධිපතිධූරයට පත්විය.


