Wednesday, Sep 08th

Last update:09:39:35 PM GMT

Headlines:
You are here: නව පුවත්

නව පුවත්

ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායම් 09 ක් ඊයේ ( 17 ) දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික් වලින් කණ්ඩායම් දෙක බැගින් ද, කණ්ඩායම් තුනක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද, ගම්පහ හා වන්නි දිස්ත්‍රික්කයන්ගෙන් ස්වාධීන කණ්ඩායම් එක බැගින් ද ඇප මුදල් තැන්පත් කොට ඇත. ලබන 26 වන දින දක්වා ඇප මුදල් භාර ගැනීම සිදුවේ.

අධ්‍යාපනය විප්ලවීය මං ගත යුතුය

අධ්‍යාපනය හරි නම් එවැනි අධ්‍යාපනයක් ඇති කිසිම රටකට වරදින්නේ නැත. ඒ මන්ද අධ්‍යාපනය ඒ රටේ කොදුනාරටිය වන නිසාය.

ඇමෙරිකාව සිය අධ්‍යාපනය ගැන ප්‍රශ්න මතු කරන්නේ එරට ශිෂ්‍ය පරපුර පසු බසින නිසාය. චීනය, ඉන්දියාව සහ වෙනත් විදේශීය රටවල ශිෂ්‍යයින් අධ්‍යාපනයෙන් පෙරට එමින් සිටින අතර මේ වර්ධනය එරට නායකයින් දකින්නේ ඇමෙරිකානු ශිෂ්‍ය පරපුර පසුබසිමින් සිටින බවය. ඇමෙරිකාව එදා විද්වතුන්, විද්‍යාඥයින්, සාහිත්‍යධරයින් වෙනත් සෑම විෂයයක් සම්බන්ධයෙන් ඉදිරියේ සිටින නමුත් ඒ තත්ත්වය ඔවුන්ට අහිමි වී ඇති නිසා ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා කෙලින්ම කථාකලේ සිසු පරපුර උනන්දු කරවීමටය. එංගලන්තයත් එවැනි තත්ත්වයක පසුවෙයි. ඒ නිසා අධ්‍යාපනය නිවැරදි කර ගන්න මෙන්ම දක්ෂ ශිෂ්‍යයින් පෙරට ගෙන ඒමට සහ පාසැල් වියෙහි සිටින සෑම ශිෂ්‍යයෙකුටම ඉගෙන ගන්න හැකි පරිදි පහසුකම් ඇති කරන්න එරට ක්‍රියා කරගෙන යයි.

විද්‍යාව, තාක්ෂණය සහ නිෂ්පාදන රටාවත් වෙනස් වෙනවා සමග අධ්‍යාපනයද ඒ සමානව වෙනස් විය යුතු වන්නේය. පාසැල් විෂයයන් සහ ඒවා උගන්වන ක්‍රම වෙනස් විය යුතු වන්නේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා වූ ආයතන පමණක් නොව පර්යේෂණ සහ නිර්මාණශීලී කටයුතුවල නිරත වී රටට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කළ යුතුය. යම් රටක හැදියාව බිහි වනනේ නිසි අධ්‍යාපන ක්‍රම තුලිනි.

කොටින්ම කියතොත් රටක අධ්‍යාපනය විසින් ඒ රට තුල දැහැමි සමාජයක්, නිර්මාණශීලී පුරවැසියන්, දැනුවත් ජනගහනයක්, තෘප්තිමත් ජනතාවක් ඇති කළ හැකිය.

මෙම කටයුතු ගැන මෙසේ ලියන විට සිතට එන කරුණක් ඇත. දෙමව්පියන්, ආගමික නායකයින් සහ සංවිධාන, විද්වතුන්, තාක්ෂණ සහ විද්‍යා උගතුන් සම්බන්ධකර ගෙන “අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්” සදහා කටයුතු කිරීමට ප්‍රතිඥා දෙන න්‍යාය පත්‍රයක් මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබිණ. මෙම න්‍යාය පත්‍රය මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක මිලින්ද මොරගොඩ මහතාය. පාසැලක ප්‍රමුඛතාවන් තීරණය කිරිම හා අධීක්ෂණය සදහා දෙමාපියන් සහ ප්‍රජාව සවිබල ගැන්වීම, පාසැල් විෂය මාලාවට ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම, ප්‍රජාචාරය පිළිබද විෂයයන් ඉගැන්වීම ඇතුලත් කිරීම, ප්‍රධාන ආගම් හා සබැදි ලාභ නොලබන නව ප්‍රජා පාසල් පිහිටුවීම, ලාභය අරමුණු කර නොගත් නිසි මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම සදහා ආගමික නායකයින් සහ සාකච්ඡා කිරීම යන මේ අරමුණු එම න්‍යාය පත්‍රයට ඇතුලත්ය. පෙරට එන ලෝකය දැනුවත්, විද්වත්, බුද්ධිමත්, තාක්ෂණික හැකියාවලත්, තරගකාරිත්වයෙන් මුවහත් වූ අයගේ ලෝකයයි. ඒ සදහා අධ්‍යාපනය විප්ලවීය මං ඔස්සේ වර්ධනය විය යුතුය.

බහුතරයේ ආරක්ෂාවට අධිකරණ ව්‍යුහයක්

නීතිය සාධාරණව පැවැත්විය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ කොතෙක්ද එපමණට සමාජයත් ජනතා හිතවාදී වනු ඇත. සමාජයක පැවැත්ම තීන්දු වන්නේද රටේ නීති සාධාරණ වූ විට පමණි. නීතිය සාධාරණ නිතියක් වූවත් එය කොටසකට සහනයක් ලබාදෙන අන්දමට ක්‍රියාත්මක වන්නේ නම් රටවැසියා තුල ඇතිවන්නේ විශ්වාසය කෙරෙහි යම්කිසි භංගත්වයකි.

නීතිය මත පදනම් වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන සමාජයක් තුල ජීවත්වීම ආරක්ෂා සහිතය. සැනසිලිදායකය. ඒ සමගම නීතිගරුක ජනතාවක්ද ඒ සමාජය තුළ මුල් බැස ගනී. මෙවැනි සමාජයක් බිහි කිරිම දේශපාලනමය කටයුත්තකි. එලෙස දේශපාලනයෙන් සාධාරණ සමාජයක් බිහිවීමට නම් එවැනි දේශපාලනයක් යහපත් දර්ශනයක් මත පදනම් විය යුතුය. මෙවැනි දර්ශනයක් අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් මෑතදි ආරම්භ වූ ශ්‍රි ලංකා ජාතික සංගමය සතු බව පෙනී යයි.

සමාජයක යහ පැවැත්ම නීතිය මගින් සිදුකෙරනෙ අතර එම සමාජයේ ජීවත්වන වැසියන් කෙරෙහිද යම් වගකීම් රැසක් ඉටුවිය යුතුය. මෙම ක්‍රියාදාමය අනෝන්‍ය පදනමක් මත ඉටුවීම ඉතා වැදගත්ය. නීතියක් පැවතුනත් එය පිළිපදින්නේ නැත්නම් එම නීතියෙන් බලාපොරොත්තු වන යහපත නොලැබී යයි. නීතියෙන් බලාපෙරෝත්තු වන සහනය ලබාගැනීමට පුරවැසියා උනන්දුකර විය යුතුය. මේ කටයුත්ත දේශපාලනමය හරයක් ඇති එකකි. මේ සම්බන්ධයෙන් බොහෝ අය සිංගප්පූරුව උදාහරණයක් ලෙස පෙන්වා දෙන බව කිව යුතුය.

සමාජයේ බොහෝ කටයුතු ප්‍රතිසංස්කරණයට භාජනය වන්නේ පවතින ක්‍රමයේ අඩුලුහුඩු මතුවන්නට පටන් ගත් අවස්ථාවේදීය. සමාජයක් ඉදිරියට ඇදී යන්නේ කෙසේද ඒ ඇදීයාමට නීතියෙන් අනුබලයක් ලැබිය යුතුය. ඒ අනුබලය අවශ්‍ය වන්නේ සමාජයේ ඉදිරි ගමන යහපත් ලෙස ඉටුවීමටය.

නීතිය කාටත් සුවදායක අන්දමට ක්‍රියාත්මක වීමට නම් නීතිය ගැන නිසි දැක්මක් සහ අවබෝධයක් ඇති නීතිවේදීන් සහ විනිසුරුවරු අවශ්‍ය බව කිවයුතු කරුණක් නොවේ. එවැනි දැක්මක් ආකල්පයක් සහ අවබෝධයක් ඉබේම ඒ අයට ලැබෙතැයි කියා විශ්වාස කිරිම අපහසුය. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් බිහිකිරීමට හැකි පසුබිමක් වාතාවරණයක් ඇති කළ යුතුවේ. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් ඇති කළ විට නූතනයේ පැනනගින අභියෝගයන්ට නිසි පරිදි මුහුණ දීමට මේ පරපුරට හැකි වනු ඇත.

අප විසින් සමාජය ගැන කථාකරන විට බොහෝවෙලාවට අප සිතට එන්නේ බාහිර වශයෙන් ඉදිරියට යාමය. නමුත් සාමජයතුල ජීවත්වන වැසියන් අතර පැන නගින ප්‍රශ්ණ - පවුල් ජීවිත සහ කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති ගැටළු ගැන සෙවීම ප්‍රමාණවත් නැත. සමාජයේ අභ්‍යන්තරය තුල ඇතිවෙන මෙවැනි ගැටළු සහ වෙනත් ගැටළු ගැන ඕනෑම ආණ්ඩුවක අවධානය යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ජාතික සංගමය මහ මැතිවරණය සදහා ජනතාවට පිළිගන්වා ඇති න්‍යාය පත්‍රය යටකී කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාරගැනීමේ කටයුතු අද (16) ආරම්භ කෙරේ. මෙය ලබන 22 දක්වා සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මේ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව එම කාර්යාලය අනාවරණය කරයි. තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් නියමිත සහතික කිරීමේ නිලධාරීන් මාර්ගයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත එවිය යුතුය. 2008 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන්ව ඇති රාජ්‍ය සේවකයන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

මෙම මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 19 වනදා සිට 26 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

ජ.වි.පෙ. නව විකල්ප පෙරමුණකින්

ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු නව විකල්ප පෙරමුණක් යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තම පක්ෂය තීරණය ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කල හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය සමග පුළුල් පෙරමුණක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවතියද ඒ අතරතුරේදී එම පක්ෂය අලියා ලකු‍ණින් තරග කිරිමට ගත් තීරණය ඊට බාධකයක් වූ බැවින් මෙවැනි පියවරකට යාමට සිදු වූ බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මැතිවරණ රාජකාරී සඳහා වැඩි නිලධාරීන් පිරිසක්

ඉදිරි මහ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා යොදා ගන්නා නිලධාරීන්ගේ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය තීරණය කොට ඇත.

කාර්යක්ෂම අයුරින් ඡන්දය ගනන් කිරීම මෙන්ම මෙවර අපේක්ෂකයන් වැඩි පිරිසකගේ මනාප ගනන් කිරීමට ඇති නිසා මෙවර නිලධාරීන් ප්‍රමාණය ජනාධිපතිවරණයට සාපේක්ෂව දෙගුණයකින් වැඩිකිරීමට තීරණය කළ බව සඳහන් වේ.

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ගනන් කිරීමේ නිලධාරීන් 35,000ක් යොදා ගත් අතර මෙවර 70,000කට ආසන්න ප්‍රමාණයක් දක්වා පිරිස වැඩිකිරීමට අපේක්ෂිතය.

මෙයට සමඟාමීව ගනන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයද වැඩිකිරීමට තීරණය කොට ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ඟ ප්‍රකාශ කරයි.

තොරතුරු අයිතිය මගින් දූෂණය මැඩීම

අප සමාජය තුල පවතින විවිධ ලක්ෂණයන් ඇති දූෂණය රටේ ඉදිරිගමනට දැඩි බාධාවක් වී ඇති බව පොදු පිළිගැනීමකි. දූෂණය සමාජයෙන් තුරන් කළයුතු බවත් පොදු පිළිගැනීමකි. නමුත් මුළු සමාජයේම අහේතුවකට මෙන් එම පිළිලය වෙනසක් නොවී පවතී.

මෙම පිළිලය සමාජයෙන් ඉවත් කිරීම සදහා විවිධ මාර්ග තිබෙන බව දනිමු. නීතිය ඉන් එකකි. ඒ මග නොගත් රටක් නැත. පොලීසිය, කොමිෂන් සභා සහ එවැනි ක්‍රියාමාර්ග මීට ඇතුලත්ය. මේ මාර්ග වලටත් දූෂණය සතුටුදායක ලෙස මර්දනය කිරිමට බැරිව ඇත.

දූෂණය මැඩපැවැත්වීමේ මෙහෙය තවත් ඉදිරියට ගෙන යාම සදහා ඇති හොදම මගක් ලෙස පිළිගෙන ඇත්තේ රජයේ කටයුතු විනිවිද භාවයකින් කරගෙන යා යුතු බවයි. ඉන් අදහස් වන්නේ රජයේ කටයුතු පිළිබද තොරතුරු ලබාගැනීමට පුරවැසියෙකුට අයිතිය තිබිය යුතු බවය. මේ අයිතිය පුරවැසියෙකුට ලබාදිය හැක්කේ නීති මාර්ගයෙනි. එම අයිතිය නැතහොත් නිදහස ලබාදීම පනතක් මගින් සිදුවිය යුතුය.

මෙහිදී මතක් කර දිය යුතු කරුණක් ගැන සදහන් කිරීම වැදගත් වෙයි. තොරතුරු ලබාගැනීම සදහා පුරවැසියෙකුට හිමිවන අයිතිය ලබාදෙන පනතක් හැකි ඉක්මනින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ජාතික සංගමය විසින් අප්‍රේල් 8 දා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමය. මෙම සංගමය විසින් “යහපත් පාලනයක් උදෙසා රජයට ඉදිරිපත් කරන ශ්‍රි ලංකා ජාතික සංගමයේ න්‍යාය පත්‍රය” නමැති ප්‍රකා‍ශයෙහිය.

මෙම සංකල්පය බොහෝ රටවල ක්‍රියාත්මක වන එකකි. අපේ ආසන්න අසල්වැසි රටවන ඉන්දියාව මින් විශේෂ තැනක් ගනී. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ ඉන්දියාවේ මහ ආණ්ඩුවටත් පෙර ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු විසින් නීති මාර්ගයෙන් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් ගතහොත් රජයේ සුළු කටයුත්තක් සැළකිල්ලට ගනිමු. යම් යෝජනා ක්‍රමයක් ගනිමු. ගමක පාලමක් ඉදිකිරීමට මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වේ. මෙසේ ඉදිවෙන පාලම නිසි ලෙස ඉදිවෙනවාද? ඒ සදහා යන ඇස්තමේන්තු වියදම කොපමණද? ඒ අවස්ථාවලදී ඇස්තමේන්තු මුදලින් කොපමණ වියදම් කර තිබේද? යන කරුණු ගැන තොරතුරු ලබාගන්නට ඒ ගමේ වැසියෙකුට අයිතියක් නීති මාර්ගයෙන් ලැබේ. මෙවැනි ක්‍රියාමාර්ගයක් තුලින් දූෂණය සහමුලින්ම ඉවත්කර ගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට අවම කර ගත හැකි වනු ඇත.

රටක ජනතාව දැනුවත් වන තරමට එරට ඉදිරියට යනු ඇත. තොරතුරු ලබාගැනීමේ පනතක් ක්‍රියාත්මක කිරීමේදී එහි වලංගුභාවය රජයේ කටයුතු වලට පමණක් සීමා නොවන බව සැළකිය යුතුයි. රජයේ මුදල් යොදවනු ලබනනේ කොතැනද එහි කටයුතු ගැන තොරතුරු ලබාගන්නට පුළුවන. මුදල් පිළිබද ප්‍රශ්න පමණක් නොව පැසල්වලට ළමුන් ඇතුලත් කර ගැනීම වැනි ප්‍රශ්න වලදී පමණක් නොව යම් අපරාධයක් ගැන පොලීසිය කරන පරික්ෂා සහ ඒ පිළිබද විස්තර ලබා ගැනීමට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදෙන නීතියකින් පුළුවන් වනු ඇත. මෙවිට මුදල් පිළිබද දූෂණ පමණක් නොව වෙනත් ස්වභාවයන් උසුලන දූෂණ ඇතැයි සැකකරන කටයුතු ‍ගැනද තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත. විනිවිද පෙනෙන සුළු ක්‍රියාකාරීත්වය දූෂණය මර්දනය කිරි‍මේ සාර්ථක මගකි.

පුරවැසියාට ගරුකරන සමාජයක්

ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන සංකල්පයකි. සෑම මැතිවරණයකදීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට දේශපාලන පක්ෂ පොරොන්දු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසාගේ, මිනිසා සඳහා, මිනිසා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන දර්ශනයක් නිසාය. මෙම පැහැදිළි විග්‍රහය දන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ය.

බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික හරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම දේශපාලන සංකල්පයේ වැදගත් වන්නේ පුරවැසියා දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා වීමය. එම නිසා ඔහුට හිමිවිය යුතු ගරුත්වය ඔහුට හිමිවිය යුතුය. පුරවැසියාට ලැබෙන ගරුත්වය සැබෑ බව කොතෙක්ද එතෙක් ඒ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී එකක් වනු ඇත. ඒ මන්ද  ප්‍රජාතන්ත්‍රවාදය ජිවන ක්‍රමයක් වීම් නිසාය.

පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයේ අඩිතාලමයි. මෙවැනි සංස්කෘතියක් ගොඩනැගීම දේශපාලනයේ පළමු පියවර විය යුතුය. මෙතෙක් මෙවැනි පියවරක් ගැනීම සිය දේශපාලන ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක් කර ගනු ලැබූ දේශපාලන ව්‍යාපාරයක් ගැන අසන්නට නැත. එවැනි ව්‍යාපාරයක් බිහි වන්නේ නම් එය රටේ යහපතටම හේතු වනවා ඇත.

අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා ජාතික සංගමය මෙම කාර්යභාරය ගෙන ඇති බව මහ මැතිවරණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙනී යයි.

පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම මූලික පියවරක් ලෙස පිළිගැනීම මේ රටේ දේශපාලනය යහපත් මගකට යොමුකිරීමක් ලෙස සැළකිය යුතු අතර එය ප්‍රසංශනීය කටයුත්තකි. පුරවැසියාට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගනවා යන්න ක්‍රියාත්මක කරන්නේ කෙසේද යයි යමෙකු අසන්නට පුළුවන. මෙම ප්‍රශ්නයට පිළිතුරක්ද ලැබී ඇති බව කිව යුතුය. මෙම ක්‍රියාමාර්ගය කරුණු 13 කින් සමන්විත එකකි. ඕනෑම සමාජයක හඩනගන පිරිසට වඩා හඩ නොනගන පිරිස වැඩිය. මේ නිසාම දේශපාලන ක්‍රියාදාමය විකෘති වී යාමට හැම ඉඩක්ම තිබේ. මේ “නිහඩ බහුතරය” ලෙස සැළකෙන ජන කොටසට අවකාශය ලබා දීම මේ රටේ දේශපාලනයට කරන ඵලදායක සේවයකි.

පුරවැසියාට ගරු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කළ හැක්කේ කෙසේද? ශ්‍රී ලංකා ජාතික සංගමය පෙන්වා දෙන පරිදි ඊට ඇති මාර්ගයේ ඇතැම් ලක්ෂණ මෙසේය.

නිහඩ බහුතරයට අවකාශයක් ලබාදීම. විශේෂ සැළකිලි දක්වන දේශපාලනය සහ වෛරක්කාර ක්‍රියා පිළිවෙත සහ දේශපාලන පලිගැනීම් අහෝසි කිරීම. කෝපාවිෂ්ඨ බවට පත්ව ඇති සමාජය කරුණාශීලී සාමජයක් කිරීම. අළුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරිම සදහා ආගමික නායකයින් සමග ක්‍රියා කිරීම. ජාතික සමගිය සහ එකමුතු බව ඇති කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා ගෞරවයට පාත්‍ර වූ ආගමික සහ සිවිල් සමාජයේ නායකයින්ගෙන් සැදුම්ලත් සභාවක් පත් කිරිම. ජනකොටස් බෙදනවා වෙනුවට එක්සත් කිරිම. දේශපාලනය තුල සභ්‍යත්වශීලී සංස්කෘතියක් ඇති කිරිම. ඉතාමත් අවශ්‍යව තිබෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම. මැතිවරණ සදහා කරන වියදම් පිළිබද නීති රීති ක්‍රියාත්මක කිරීම.

මෙම පියවර වලින් පුරවැසියන්ගේ ගරුත්වය රැකෙන පරිදි ඔහුට සැළකිලි ලැබෙන දේශපාලන සංස්කෘතියක් ලැබෙනවාට කිසිම සැකයක් නැත.

මෙම පියවර අතරින් අළුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා ආගමික නායකයින් සමග ක්‍රියාකිරීමේ යෝජනා විශේෂ තැනක් ගන්නා බව සඳහන් කළ යුතුය. ඒ මන්ද ආගමික ධර්මතාවයන්ගෙන් මිදුන කිසිම ක්‍රියාමාර්ගයකින් යුක්තිය සාධාරණය සහ උපේක්ෂාශීලීත්වය ඉටුනොවන බැවිනි. මෙවැනි සංස්කෘතියක් වෙනුවට සහනශීලී සංස්කෘතියක් ඇතිවූ විට සමාජයක වැසියන්ට සතුටින් සාමකාමීකම ජීවත්වීමට හැකිවෙනවා ඇත. ධර්මය හරය කරගත් රාජ්‍යයන් යහතින් පැවති ආකාරය අපේ ඉතිහාසය මෙන්ම පෙරදිග විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසයෙන් අපට දැනගැනීමට පුළුවන. පුරවැසියාට ගරු කරන සමාජයක් බිහිවිය හැකි දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය අවබෝධ නොවූ කෙනෙක් ඇතැයි කිව නොහැක. මේ රට අද පහුකරන යුගය වෙනුවට සහනශීලී දේශපාලන සංස්කෘතියක් නොපතන කිසිවෙක් ඇද්ද? මෙවැනි දේශපාන සංස්කෘතියක් ඇති කිරිමට උරදෙන ආගමික දේශපාලන නායකයින්ට, සංවිධානවලට මුළු සමාජයේම සහයෝගය ලැබිය යුතුය.

මහ මැතිවරණය අප්‍රේල් 08දා

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 08 වනදා පැවැත්වීමට නියමිතය. මේ අනුව ‍නාම යෝජනා භාරගැනීම ලබන 19 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරේ.

ජනාධිපතිතුමා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු ඒ ඒ පක්ෂ විසින් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

JPAGE_CURRENT_OF_TOTAL