You are here: නව පුවත් මැතිවරණ තතු

මැතිවරණ තතු

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම හෙටින් අවසන්

election 1

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම හෙට (06) මධ්‍යහ්න 12.00න් අවසන් වේ.

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම ජනවාරි 30 දින සිට ආරම්භ කෙරිණ. ඊට අදාළ ඇප තැන්පත් භාරගැනීම අද (05) දිනෙන් අවසන් වනු ඇත. ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප තැන්පත් භාරගැනීම අද මධ්‍යහ්න 12.00 දක්වා පමණක් සිදු කරයි. එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් රුපියල් 2000 බැගින් සම්පූර්ණ අපේක්ෂක සංඛ්‍යාව සඳහා ඇප තැන්පත් කළ යුතුයි.

ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නාමයෝජනා භාර ගනු ඇත. නාමයෝජනා භාර ගැනීමේදී පනතේ විධිවිධාන අනුව භාර නොදෙන නාමයෝජනා ඉබේම ප්‍රතික්ෂේප වන බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් කොළඹ හා ගම්පහට අපේක්ෂකයන් 43 බැගින් ද කළුතරට 25 ක් ලෙස ද නාමයෝජනා කළ යුතු වේ. ඉන් ගම්පහ හා කොළඹට 40 දෙනා බැගින් සභිකයන් පත් කර ගන්නා අතර කළුතරට තෝරා පත්කර ගන්නේ 22කි.

දකුණු පළාතෙන් ගාල්ලට 22ක්, මාතරට 17ක් හා හම්බන්තොටට 14ක් ලෙස සභිකයෝ තෝරා පත් කර ගැනෙති. ඒ සඳහා නාමයෝජනා කළ යුත්තේ ගාල්ලට 25ක්, මාතරට 20ක් හම්බන්තොටට 17ක් ලෙසයි.

බස්නාහිරට සහ දකුණට ඇප තැන්පත් කිරීම අද සිට

Voting CI
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායම්වල ඇප මුදල් තැන්පත් කිරීම අද (17) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය  සඳහන් කරයි.
අදින් ආරම්භ වන ඇප මුදල් තැම්පත් කිරීමේ කාලය ලබන මස 5වැනි දා මධ්‍යහ්න 12 දක්වා ක්‍රියාත්මක වන අතර  අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඇප මුදල් තැන්පත්  කළ හැක.

මෙම මස 30වැනි දා  නාම යෝජනා කාල සීමාව ආරම්භ වෙයි. ලබන මස 6වැනි දින මධ්‍යහ්න 12 දක්වා එය ක්‍රියාත්මක වේ. නාම යෝජනා කාලසීමාවේ එක් නාමයෝජනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොවන අවස්ථාවල දී අදාළ දිස්ත්‍රික්කය සඳහා නැවත නාම යෝජනා කාල සීමාවක් ප්‍රකාශයට පත් කෙරේ. එක් නාම යෝජනා පත්‍රයක් පමණක් ඉදිරිපත් වන අවස්ථාවල දී හෝ පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන නාම යෝජනා තුළින් එක් නාම යෝජනා පත්‍රයක් පමණක් පිළිගනු ලැබුවේ නම් එය නිතරගයෙන්ම තේරී පත් වන බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

නාමයෝජනා කැදවීමේ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි

බස්නාහිර සහ දකුණ යන පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ නිවේදනය නිකුත් කර දින 14 ක් ගත වූ පසු සතියක කාලයක් තුළ නාමයෝජනා භාර ගන්නා බවත්  මැතිවරණයට ඉදිරිපත් වන සියලූ අපේක්ෂකයන් සිය වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ ද ලබාදිය යුතු බවත් නාමයෝජනා පත‍්‍රය සමග ජාතික හැදුනුම්පතේ සහ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීම කෙරෙහි ද මැතිවරණ මහලේකම් කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් ය.

නාමයෝජනා පත‍්‍රය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට භාරදෙන අවස්ථාවේදීම වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ ද ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ මස 18 වෙනිදායින් පසුව තහනම්

election copy copy

වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා ඡන්දය වෙනුවෙන් පුරා දින 47 පමණ කාලයක් තිස්සේ පැවැති සියලු ප්‍රචාරක කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රි 12න් අවසන් වෙයි.

මේ පළාත් සභා ‍තුනට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් වෙනුවෙන් 19, 20, 21 දිනවල වෙළෙඳ දැන්වීම්, දේශපාලනමය වාර්තා ලිපි, වැඩසටහන් ආදිය පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.

වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා තුනේ මුල් මැතිවරණ ප්‍රතිඵලය 21 වැනිදා රාත්‍රි 10ට හෝ මධ්‍යම රාත්‍රි 12 පමණ වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඡන්ද ප්‍රතිඵලවලදී පළමුවෙන් ම ප්‍රකාශයට පත් කරන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. ඉන්පසු ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන අතර මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ ප්‍රධාන නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

 

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම අද හා හෙට

election copy copy copy
තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වයඹ, මධ්‍යම හා උතුරු පළාත් තැපැල් ඡන්ද දායකයන් 1,11,383 දෙනකු මෙවර සුදුසුකම් ලබා ඇති බවද ඔවුන් දිවයිනපුරා පිහිටි රාජකාරී ස්ථානවල දී ඡන්දය භාවිතා කිරීමට නියමිත බව ද, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පැවසීය. උතුරු පළාත් තැපැල් ඡන්ද දායකයන් 14421කුද, මධ්‍යම පළාතේ තැපැල් ඡන්ද දායකයන් 110383කුද, වයඹ පළාතේ තැපැල් ඡන්ද දායකයන් 2656කුද තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි හෙතෙම කීය.

පක්‍ෂ අපේක්‍ෂකයින් හෝ, ස්වාධීන අපේක්‍ෂකයින් හෝ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කෙරෙන ස්ථාන අසලදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදීම අද හා හෙට සපුරා තහනම් බවද, නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසීය.

තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමෙන් පසු අදාළ පත්‍රිකාව කවරයට දමා සීල් කිරීම සහතික කිරීමේ නිලධාරියා ඉදිරියේ දී සිදු කළ යුතු බව ද එදිනම හවස එම පත්‍රිකා තැපෑලට යොමු කෙරෙන බවද ඒ මහතා කීය. තැපෑලෙන් ඡන්දය සලකුණු කෙරෙන මධ්‍යස්ථාන වලට සහතික කිරීමේ නිලධාරීන්ට අමතරව පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අවසර ලත් නියෝජිතයන්ටත්, දේශීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් නියෝජිතයන්ටත් ඇතුළු වීමේ අවසර හිමි වන බව නියෝජ්‍ය කොමසාරිස්වරයා කීවේය.

යම් මධ්‍යස්ථානයක ආරක්‍ෂාව සුරක්‍ෂිත නොවන බව සහතික කිරීමේ නිලධාරියාට හැඟී යන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටීමේ හැකියාව පවතින බව ද හෙතෙම කීය.

අද හා හෙට සියලු තැපැල් ඡන්ද දායකයන් අනිවාර්යයෙන්ම තැපෑල් ඡන්දය සලකුණු කළ යුතු බවත්,  යම් නොවැළැක්විය හැකි හේතුවක් මත නොහැකි වුවහොත් මෙම මස 12, 13, හෝ 14 යන තෙදින එක දිනක දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව ඒ මහතා පැවසීය.

අද හා හෙට තැපැල් ඡන්දය භාවිතා නොකරන ඡන්ද පැකට් විවෘත නොකොට අදාළ කාර්යාලය පිහිටා ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට 11 දා සවස තැපැල් කර යවන බවද ඒ අනුව අනන්‍යතාව තහවුරු කොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තැපැල් ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා තවදුරටත් පැවසීය.

එසේම තැපැල් ඡන්ද දායකයන්ට ඡන්දය රහසිගතව ප්‍රකාශ කිරීමට හැකි අයුරින් කාර්යාල සකස් කර දිය යුතු බව කී ඒ මහතා ඡන්ද කුටිවල ඡායාරූප ගැනීම සපුරා තහනම් බව වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

මධ්‍යම,උතුරු සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 2 ක්

ba copy copy copy

මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වශයෙන් මේ මස 09  සහ 10 දෙදින  ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.මෙම තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා තේරීම්භාර නිලධාරීන් විසින් යොදවනු ලබන  නිල නිරීක්ෂකයන්ට අමතරව තරඟ කරන දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් සහ ඒ සඳහා අවසරලත් නිරීක්ෂණ සංවිධාවල නිරීක්ෂකයින් සහ ස්වකීය නියෝජිතයින් සහභාගී කරවිය හැක.

දිස්ත්‍රික් භාර නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත්‍රවලට අදාළ රක්ෂණ පැකට්ටු මේ වන විට අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත යවා ඇත.මේ මස 09 සහ 10 යන දෙදින අතුරින් තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සඳහා පැමිණිය යුතු දිනය, වේලාව සහ ස්ථානය තැපැල් ඡන්ද හිමියන් වෙත නිශ්චිතව තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් විසින් දන්වනු ඇත

මෙම දින දෙක තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපෑලෙන් ඡන්දයදීමට  සුදුසුකම් ලැබූවන් සඳහා මේ මස 12,13 සහ 14 දිනක කාර්යාල වේලාව තුළ අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදීද  කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීද පහසුකම් සලසා ඇත.තැපැල් ඡන්ද සලකුණු කිරීම  සඳහා ජාතික හැඳුනුම්පත හෝ  වලංගු හැඳුනුම්පතක් වශයෙන්  මැතිවරණ  දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති හැඳුනුම්පතක් රැගෙන ආ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම අද

පළාත් සභා මැතිවරණයට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම අද(27) දිනයේ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මේ අනුව හෙට දිනයේ සිට අදාළ පළාත්වල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කරනු ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කරයි. මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර ඒවා සැප්තැම්බර් මස 13 වන දිනට පෙර බෙදා අවසන් කළ යුතු බව මැතිවරණ බවත් සැප්තැම්බර් මස 08 වන ඉරිදා විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සළකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පවසයි. අදාල කාලය තුළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්ද දායකයන්ට සිය ඡන්ද පත්‍රිකා තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මනාප අංක ලබාදීම ප්‍රමාදයි - මැතිවරණ මහලේකම් කාර්යාලය

වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභා මැතිවරණයේ මනාප අංක ලබාදීම තවදුරටත් කල්යනු ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඞ් මහතා පවසා සිටියේ බොහෝදුරට
අද දිනයේ ද මනාප අංක නිකුත් කිරීම අවිනිශ්චිත විය හැකි බවත් ඊයේ දින‍යේදී මනාප අංක ලබාදීම ආරම්භ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සැළසුම් කර තිබුනද, මනාප අංක සැකසීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් එය ප‍්‍රමාද වනු ඇති බවයි.

නාමයෝජනා භාරගැනීම අගෝස්තු මස 01 වෙනිදා දහවල් 12.00 අවසන්

මධ්‍යම, වයඹ සහ උතුරු මැතිවරණ මේ වන විට ස්වාධීන කණ්ඩායම් 48 ක නාමයෝජනා  මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. ජනසෙත පෙරමුණ, ශ‍්‍රී ලංකා කම්කරු පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ලංකා කම්කරු පක්ෂය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඊයේ දිනයේදී නාමයෝජනා භාරදුන් අතර ඊයේ පස්වරු 4.00 වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 62කි. මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12.00න් අවසන් වන අතර නාමයෝජනා භාරගැනීම අගෝස්තු මස 01 වෙනිදා දහවල් 12.00 අවසන් වේ.

JPAGE_CURRENT_OF_TOTAL