එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට අයත් ජනතා නියෝජිතයින් නම් කර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක්ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ද, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද, ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා, කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, මහාචාර්ය රජීව විජේසිංහ මෙලෙස ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි. එ.ජ.නි.ස. මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් මැතිවරණ කොමසාරිස් වෙත භාරදෙනු ලැබීය.
මැතිවරණ තතු
නාමයෝජනා භාරදීම හෙටින් අවසන්
හෙට දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්යන් පහසු වන ආකාරයේ වැඩපිළිවෙළක් යොදා ගන්නා ලෙස ද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් 196ක් සහ ජාතික ලැයිතුවෙන් මන්ත්‍රීවරුන් 29ක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත් වේ.
අද නාමයෝජනා භාරදීම්
ටී.එම්.වී.පී. නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් උතුරු පළාත සඳහා නාමයෝජනා භාරදීම අද පෙරවරුවේ සිදුවිය. එහිදී අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටින්නේ මැතිවරණය සඳහා තමන් ප්‍රථම වතාවට ඉදිරිපත්වන බවත් තම බලාපොරොත්තුව වන්නේ උතුරේ ජනතාවට සේවය කිරීම බවත්ය.
මේ අතර දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා භාරදීමද අද පෙරවරුවේදී සිදුවිය. ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සදහා දිවයිනේ ජනප්‍රියතම පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලත්ය. බද්දේගම සමිත හිමි, ප්‍රවීණ රංගන ශිල්පිණී ගීතා කුමාරසිංහ මහත්මිය, ආන්දෝලනාත්මක චරිතයක් වූ නිශාන්ත මුතුහෙට්ටි මහතාද ඒ අතර වෙයි. තම කණ්ඩායමට ශක්තිමත් පිරිසක් සිටින බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට හැකිවනු ඇති බවටත් බලාපොරොත්තු වන බව පියසේන ගමගේ මහතා පවසයි.
මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 54 ක්
මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ලබන 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.
එසේම පසුගිය 19 වනදා ආරම්භ වූ නාමයෝජනා භාරගැනීම ද 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.
නාම යෝජනා භාර ගැනීම අද සිට
නායෝජනා බාරගැනෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරයි
කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික් වලින් කණ්ඩායම් දෙක බැගින් ද, කණ්ඩායම් තුනක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද, ගම්පහ හා වන්නි දිස්ත්‍රික්කයන්ගෙන් ස්වාධීන කණ්ඩායම් එක බැගින් ද ඇප මුදල් තැන්පත් කොට ඇත. ලබන 26 වන දින දක්වා ඇප මුදල් භාර ගැනීම සිදුවේ.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
මේ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව එම කාර්යාලය අනාවරණය කරයි. තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් නියමිත සහතික කිරීමේ නිලධාරීන් මාර්ගයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත එවිය යුතුය. 2008 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන්ව ඇති රාජ්‍ය සේවකයන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
මෙම මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 19 වනදා සිට 26 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
ජ.වි.පෙ. නව විකල්ප පෙරමුණකින්
ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු නව විකල්ප පෙරමුණක් යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තම පක්ෂය තීරණය ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කල හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය සමග පුළුල් පෙරමුණක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවතියද ඒ අතරතුරේදී එම පක්ෂය අලියා ලකුණින් තරග කිරිමට ගත් තීරණය ඊට බාධකයක් වූ බැවින් මෙවැනි පියවරකට යාමට සිදු වූ බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
මැතිවරණ රාජකාරී සඳහා වැඩි නිලධාරීන් පිරිසක්
කාර්යක්ෂම අයුරින් ඡන්දය ගනන් කිරීම මෙන්ම මෙවර අපේක්ෂකයන් වැඩි පිරිසකගේ මනාප ගනන් කිරීමට ඇති නිසා මෙවර නිලධාරීන් ප්‍රමාණය ජනාධිපතිවරණයට සාපේක්ෂව දෙගුණයකින් වැඩිකිරීමට තීරණය කළ බව සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ගනන් කිරීමේ නිලධාරීන් 35,000ක් යොදා ගත් අතර මෙවර 70,000කට ආසන්න ප්‍රමාණයක් දක්වා පිරිස වැඩිකිරීමට අපේක්ෂිතය.
මෙයට සමඟාමීව ගනන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයද වැඩිකිරීමට තීරණය කොට ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ඟ ප්‍රකාශ කරයි.
JPAGE_CURRENT_OF_TOTAL



මැතිවරණ තතු