Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ලබන 8වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු මැතිවරණය පැවැත්වෙන දිනට පැය 48කට පෙර අවසන් කිරීමේ නීතියට අනුව මෙය ක්‍රියාත්මක වේ.

මෙම මැතිවරණණයේදී සමානුපාතික ක්‍රමය යටතේ ජනතා නියෝජිතයන්  196 ක් හා ජාතික ලැයිස්තුවෙන් නියෝජිතයන් 29 ක් පාර්ලිමේන්තුවට තෝරා පත් කෙරේ.