Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු මහ මැතිවරණය මධ්‍යස්ථාන 11,102 දී

මහ මැතිවරණය මධ්‍යස්ථාන 11,102 දී

පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (08) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මධ්‍යස්ථාන 11,102කදී පැවැත්වේ.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ උදෑසනින්ම ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගන්නා ලෙසයි.

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1387ක් ස්ථාපිත කර ඇති අතර අවතැන්වූවන්ගේ ඡන්ද ගණන් කිරීම සඳහා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 20කි.

ඡන්ද ගණන් කිරීම ඇතුළු මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ තුනකට ආසන්න පිරිසක් යොදවා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 14,088,500කි.

මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 196ක් සඳහා අපේක්ෂකයෝ 7620 දෙනෙක් තරග වදිති. ඉතුරු මන්ත්‍රී ධුර 29 සඳහා ජාතික ලැයිස්තුව මගින් සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සිදුවේ.