පසුගිය 8වනදා පැවති මහ මැතිවරණයේදී ප්‍රතිඵල ශූන්‍ය කරන ලද නාවලපිටිය හා ත්‍රිකුණාමලයේ යළි ඡන්ද විමසීම අද (20) පෙරවරු 7.00ට ආරම්භ වී තිබෙන අතර පස්වරු 4.00 දක්වා සිදු කෙරේ.
ඡන්ද මධ්‍යස්ථාන 38කදී මෙම මැතිවරණය පැවැත් වෙන අතර ත්‍රිකුණාමලයේ එක් ඡන්ද මධ්‍යස්ථානයක පමණක් ඡන්ද විමසීම සිදු වේ.
නාවලපිටියේ ඡන්ද මධ්‍යස්ථාන 37 හි ඡන්ද දායකයන් 50837 දෙනෙකු වන අතර ත්‍රිකුණාමලයේ ඡන්ද දායකයන් 977ක් වේ.


