මහනුවර දිස්ත්‍රික්කයේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නැවත ඡන්ද විමසීමේ කටයුතු සාර්ථකව අවසන්ව ඇත. එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 55% ඉක්මවා ඇත. මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන්ට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 55%ත් 60%ත් වන අතර, එය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී 46%ක් ඉක්මවා ඇත.
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 12ක් තෝරා ගැනෙන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 4 ක් තෝරා පත්කර ගැනේ.
මෙම දිස්ත්‍රික් දෙකෙහිම ප්‍රතිඵල මධ්‍යම රාත්‍රියට ප්‍රථම ලබාදීමට හැකියාව පවතින බව එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් ප්‍රකාශ කරයි.


