ඉදිරි මහ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා යොදා ගන්නා නිලධාරීන්ගේ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය තීරණය කොට ඇත.
කාර්යක්ෂම අයුරින් ඡන්දය ගනන් කිරීම මෙන්ම මෙවර අපේක්ෂකයන් වැඩි පිරිසකගේ මනාප ගනන් කිරීමට ඇති නිසා මෙවර නිලධාරීන් ප්‍රමාණය ජනාධිපතිවරණයට සාපේක්ෂව දෙගුණයකින් වැඩිකිරීමට තීරණය කළ බව සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් ගනන් කිරීමේ නිලධාරීන් 35,000ක් යොදා ගත් අතර මෙවර 70,000කට ආසන්න ප්‍රමාණයක් දක්වා පිරිස වැඩිකිරීමට අපේක්ෂිතය.
මෙයට සමඟාමීව ගනන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයද වැඩිකිරීමට තීරණය කොට ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ඟ ප්‍රකාශ කරයි.


