ටී.එම්.වී.පී. නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් උතුරු පළාත සඳහා නාමයෝජනා භාරදීම අද පෙරවරුවේ සිදුවිය. එහිදී අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටින්නේ මැතිවරණය සඳහා තමන් ප්‍රථම වතාවට ඉදිරිපත්වන බවත් තම බලාපොරොත්තුව වන්නේ උතුරේ ජනතාවට සේවය කිරීම බවත්ය.
මේ අතර දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා භාරදීමද අද පෙරවරුවේදී සිදුවිය. ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සදහා දිවයිනේ ජනප්‍රියතම පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලත්ය. බද්දේගම සමිත හිමි, ප්‍රවීණ රංගන ශිල්පිණී ගීතා කුමාරසිංහ මහත්මිය, ආන්දෝලනාත්මක චරිතයක් වූ නිශාන්ත මුතුහෙට්ටි මහතාද ඒ අතර වෙයි. තම කණ්ඩායමට ශක්තිමත් පිරිසක් සිටින බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට හැකිවනු ඇති බවටත් බලාපොරොත්තු වන බව පියසේන ගමගේ මහතා පවසයි.


