Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු විශේෂ පොලිස් මැතිවරණ ඒකක

විශේෂ පොලිස් මැතිවරණ ඒකක

අද  සිට මහමැතිවරණය ආශ්‍රිතව සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට  සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මැතිවරණ ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත.මෙම නව වැඩපිළිවෙල මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දී ඇති උපදෙස් මාලාවකට අනුව සිදුවේ.
ඒ අනුව, මෙම පොලිස් මැතිවරණ ඒකක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ මූලිකත්වයෙන් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වීමට නියමිතය.

දිනෙන් දින ඉහළ යන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව සලකා බලා මැතිවරණ කොමසාරිස්වරයා  මෙම පියවර ගෙන ඇත.