Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

එළඹෙන අප්‍රේල් 08 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම  දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරේ.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිසා ලේකම් කාර්යාලවලට අද දින විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට පොලීසිය පියවර ගෙන ඇත.තැපැල් ඡන්ද පත්‍රිකා පැකට්ටු අද දිනයේදීම තැපැල් කාර්යාලවලට භාර දෙනු ලබන අතර, ඒවා බාරගැනීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින්ටද මෙම තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන අවස්ථාවේ නිරීක්ෂණය කිරිම සඳහා අවස්ථාව ලබා දී ඇත.