මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ප්‍රථම වරට ඡන්ද පෙට්ටිය ඇතුළු පැත්තේ ස්ටිකරයක් ඇලවීම සඳහා ඉඩ ලබාදීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා එකඟත්වය පළ කොට ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා මෙම එකඟත්වය ලබාදී ඇත්තේ දේශාපාලන පක්‍ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මේ අනුව මැතිවරණ දිනයේ උදෑසන ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමට පෙර කල් ඇතිව පැමිණ ඡන්ද පොළ නියෝජිතයන්ට එම පෙට්ටිය පරීක්ෂා කර අදාළ පක්‍ෂයේ ස්ටිකර ඇලවිමේ හැකියාව ඇති අතර, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි මුද්‍රා කොට ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන යාමට පෙර ද ස්ටිකරයක් ඇලවීමට ඉඩ ලබාදී ඇත.


