Thursday, Mar 11th

Last update:04:09:35 PM GMT

Headlines:
You are here: නව පුවත් කතුවැකිය දහම් කතිකාවක් ගැන අදහසක්

දහම් කතිකාවක් ගැන අදහසක්

ඉතිහාසය දෙස විපරමින් බැලූ කල අපට පෙනෙන්නේ මොනවාද? වරින් වර රට තුළ සිදු වූ බිඳවැටීම්ය. දේශපාලනමය වශයෙන් රටක් අගතියට ගිය පසු එරටෙහි අනෙකුත් අංශයන්හි සිදුවන කඩා වැටීම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නොවේ. සමාජයේ වෙනස්වීම් පිළිබඳ අංශුමාත්‍රයක හෝ දැනීමක් ඇති උදවියට එසේ සිතෙනවානම් එය පුදුම වීමට කාරණයක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් මෙම තත්ත්වයට මුහුණ දුන්නත් අපේ රට මුහුණ දෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකටය. ඒ කෙසේද?

අපේ රට ගොඩ නැගී ඇත්තේ බෞද්ධ පදනමක් මතය. මේ රටේ භික්ෂූන් වහන්සේලාට ඇති බලය තවත් කිසිවෙකුටවත් ඇතැයි සිතිය නොහැකිය. මේ රට මොනම අංශයකින් හෝ අගතියට යන විට රට ගොඩ නැගූ බලවේගය වූයේ සිල්වත් ගුණවත් නිර්භීත භික්ෂූන් වහන්සේලාය. රටක් රැක ගන්නට ත්‍රිව්ධ හමුදාවකින් සිදුවන මෙහෙය කෙතරම්ද එතරම්ම වූ මෙහෙයක් භික්ෂුවගෙන් මෙරටට සිදුවිය. එමෙන්ම මේ රටේ භික්ෂු ශාසනය පරිහානියට පත්වූයේ කොතැනදීද එතැන් පටන් රටේ පරිහානිය ඇරඹුණි. ලෝකයේ බොහෝ රටවල් දේශපාලනමය වශයෙන් පිරිහෙන විට ඒ රටවල් පිරිහුනත් අපේ රට පිරිහුනේ වෙනත් කරුණක් මුල් කර ගනිමින් බව මුලින් සදහන් කලේ එනිසාවෙනි. අපේ රටේ වෙනත් අංශ පමණක් නොව දේශපාලනය පරිහානියට පත්වූයේද සංඝ සමාජයේ ඇතිවන පරිහානිය නිසාවෙනි.

මෙවැනි අදහසක් ගැන සදහන් කරන්නට සිදු වූයේ එක් කරුණක් පදනම් කරගනිමිනි. එය මෙසේය. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා කතිකාවතක අවශ්‍යතාවය මතුකර තිබේ. අද භික්ෂු ශාසනයේ ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වයත් ව්ව්ධ පුද්ගලයන් හා සංවිධානාත්මක කල්ලි ව්සින් සිදු කරනු ලබන බුද්ධ දර්ශනයේ විකෘති කිරීම්නුත් නිසා එතුමා මෙම යෝජනාව කරන්නට ඇතැයි සිතේ.

මෙතැනට තවත් අදහසක් එක් කල යුතුය. අද අප ජීවත් වන්නේ සෑම ක්ෂේත්‍රයක්ම පරිහානියට පත්වූ යුගයකය. දේශපාලනයේ දළ හස්තය හැම ක්ෂේස්ත්‍රයක්ම ආක්‍රමණය කොට ඇත. දේශපාලනය විසින් මේ රට විනාශ කර ඇති බව අපට පැහැදිලිව පෙනෙන කාරණාවකි. බලය ඇති අය යහමින් ජීවත් වෙද්දී බලය නැති පිරිස ගෙවන්නේ අතිශයින් දුෂ්කර ජීවිතයකි. ඒ මිනිසුන් වෙනුවෙන් හඩක් නගන්නට හෝ පෙනී සිටින්නට කෙනෙක් නැත.

ඉදින්, මේ සමාජයේ ජීවත් වන පොදු මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සමාජය පිරිසිදු කලයුතුව ඇත. ඒ සදහා බලවේගයක් ඇතිවිය යුතුය. මේ රටේ එවන් බලවේගයක් ඇතිකල හැක්කේ සංඝයා වහන්සේලාට පමණි. එහෙත් එම කාර්යයට දායක විය යුත්තේ සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා මිස භික්ෂූන් වහන්සේලාගේ වේෂයෙන් සිටිනා ගිහියන් නොවේ. එසේනම් මුලින්ම කල යුත්තේ සංඝ සමාජය පිරිසිදු කිරීමය. සුපිරිසිදු බුදුදහම එක්තැන් කිරීමය. ඒ සදහා කතිකාවතක් අත්‍යාවශ්‍යය.

මොරගොඩ මහතා මේ යෝජනාව ගෙනෙන්නට ඇත්තේ මේ සියල්ල පිළිබද යථාර්තවාදීව දකිම්න් විය හැකිය. සැබැවින්ම එය අගේ කල යුතු කාර්යයකි. එපමණක්ද නොවේ. රජයේ වගකිවයුතු අයෙකු මේ සම්බන්ධයෙන් සක්‍රීයව දායක වීමට අදහස් කිරීමද අගේ කල යුතුමය.