Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් දේශපාලනය ජෙනරාල්ගෙන් පොරොන්දු 10 ක්

ජෙනරාල්ගෙන් පොරොන්දු 10 ක්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වයි. “විශ්වාසනීය වෙනසක්” තේමාව කර ගනිමින් කොළඹ පැවති විශේෂ උත්සවයකදී මෙම එළිදැක්වීම සිදුවිය. මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ තමා දේශපාලකයෙකු නොවන බවත්, පිළිගත් රාජ්‍ය සේවකයෙක් බවත්ය. තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඒ මහතා ප්‍රතිඥා 10 ක් ජනතාව ඉදිරියේ තැබීය.

ඒවා මෙසේය. ඒකාධිපති පාලනයකට පාර කපන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීම, දූෂණය හා නාස්තිය මුලිනුපුටා දැමීම, අතමිට සරුකර ගැනීමට සෑම පවුලකටම උපකාරීවීම, ජීවන බර සැහැල්ලු කිරීම, ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීම, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් විධිමත් කිරිම, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම, යුක්තිගරුක හා විනයගරුක සමාජයක් බිහිකිරීම, ජාතික ආරක්ෂාව සුරැකීම.