ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන සංකල්පයකි. සෑම මැතිවරණයකදීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට දේශපාලන පක්ෂ පොරොන්දු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසාගේ, මිනිසා සඳහා, මිනිසා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන දර්ශනයක් නිසාය. මෙම පැහැදිළි විග්‍රහය දන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ය.
බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික හරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම දේශපාලන සංකල්පයේ වැදගත් වන්නේ පුරවැසියා දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා වීමය. එම නිසා ඔහුට හිමිවිය යුතු ගරුත්වය ඔහුට හිමිවිය යුතුය. පුරවැසියාට ලැබෙන ගරුත්වය සැබෑ බව කොතෙක්ද එතෙක් ඒ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී එකක් වනු ඇත. ඒ මන්ද ප්‍රජාතන්ත්‍රවාදය ජිවන ක්‍රමයක් වීම් නිසාය.
පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයේ අඩිතාලමයි. මෙවැනි සංස්කෘතියක් ගොඩනැගීම දේශපාලනයේ පළමු පියවර විය යුතුය. මෙතෙක් මෙවැනි පියවරක් ගැනීම සිය දේශපාලන ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක් කර ගනු ලැබූ දේශපාලන ව්‍යාපාරයක් ගැන අසන්නට නැත. එවැනි ව්‍යාපාරයක් බිහි වන්නේ නම් එය රටේ යහපතටම හේතු වනවා ඇත.
අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා ජාතික සංගමය මෙම කාර්යභාරය ගෙන ඇති බව මහ මැතිවරණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙනී යයි.
පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම මූලික පියවරක් ලෙස පිළිගැනීම මේ රටේ දේශපාලනය යහපත් මගකට යොමුකිරීමක් ලෙස සැළකිය යුතු අතර එය ප්‍රසංශනීය කටයුත්තකි. පුරවැසියාට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගනවා යන්න ක්‍රියාත්මක කරන්නේ කෙසේද යයි යමෙකු අසන්නට පුළුවන. මෙම ප්‍රශ්නයට පිළිතුරක්ද ලැබී ඇති බව කිව යුතුය. මෙම ක්‍රියාමාර්ගය කරුණු 13 කින් සමන්විත එකකි. ඕනෑම සමාජයක හඩනගන පිරිසට වඩා හඩ නොනගන පිරිස වැඩිය. මේ නිසාම දේශපාලන ක්‍රියාදාමය විකෘති වී යාමට හැම ඉඩක්ම තිබේ. මේ “නිහඩ බහුතරය” ලෙස සැළකෙන ජන කොටසට අවකාශය ලබා දීම මේ රටේ දේශපාලනයට කරන ඵලදායක සේවයකි.
පුරවැසියාට ගරු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කළ හැක්කේ කෙසේද? ශ්‍රී ලංකා ජාතික සංගමය පෙන්වා දෙන පරිදි ඊට ඇති මාර්ගයේ ඇතැම් ලක්ෂණ මෙසේය.
නිහඩ බහුතරයට අවකාශයක් ලබාදීම. විශේෂ සැළකිලි දක්වන දේශපාලනය සහ වෛරක්කාර ක්‍රියා පිළිවෙත සහ දේශපාලන පලිගැනීම් අහෝසි කිරීම. කෝපාවිෂ්ඨ බවට පත්ව ඇති සමාජය කරුණාශීලී සාමජයක් කිරීම. අළුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරිම සදහා ආගමික නායකයින් සමග ක්‍රියා කිරීම. ජාතික සමගිය සහ එකමුතු බව ඇති කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා ගෞරවයට පාත්‍ර වූ ආගමික සහ සිවිල් සමාජයේ නායකයින්ගෙන් සැදුම්ලත් සභාවක් පත් කිරිම. ජනකොටස් බෙදනවා වෙනුවට එක්සත් කිරිම. දේශපාලනය තුල සභ්‍යත්වශීලී සංස්කෘතියක් ඇති කිරිම. ඉතාමත් අවශ්‍යව තිබෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම. මැතිවරණ සදහා කරන වියදම් පිළිබද නීති රීති ක්‍රියාත්මක කිරීම.
මෙම පියවර වලින් පුරවැසියන්ගේ ගරුත්වය රැකෙන පරිදි ඔහුට සැළකිලි ලැබෙන දේශපාලන සංස්කෘතියක් ලැබෙනවාට කිසිම සැකයක් නැත.
මෙම පියවර අතරින් අළුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා ආගමික නායකයින් සමග ක්‍රියාකිරීමේ යෝජනා විශේෂ තැනක් ගන්නා බව සඳහන් කළ යුතුය. ඒ මන්ද ආගමික ධර්මතාවයන්ගෙන් මිදුන කිසිම ක්‍රියාමාර්ගයකින් යුක්තිය සාධාරණය සහ උපේක්ෂාශීලීත්වය ඉටුනොවන බැවිනි. මෙවැනි සංස්කෘතියක් වෙනුවට සහනශීලී සංස්කෘතියක් ඇතිවූ විට සමාජයක වැසියන්ට සතුටින් සාමකාමීකම ජීවත්වීමට හැකිවෙනවා ඇත. ධර්මය හරය කරගත් රාජ්‍යයන් යහතින් පැවති ආකාරය අපේ ඉතිහාසය මෙන්ම පෙරදිග විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසයෙන් අපට දැනගැනීමට පුළුවන. පුරවැසියාට ගරු කරන සමාජයක් බිහිවිය හැකි දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය අවබෝධ නොවූ කෙනෙක් ඇතැයි කිව නොහැක. මේ රට අද පහුකරන යුගය වෙනුවට සහනශීලී දේශපාලන සංස්කෘතියක් නොපතන කිසිවෙක් ඇද්ද? මෙවැනි දේශපාන සංස්කෘතියක් ඇති කිරිමට උරදෙන ආගමික දේශපාලන නායකයින්ට, සංවිධානවලට මුළු සමාජයේම සහයෝගය ලැබිය යුතුය.


