Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් දේශපාලනය බහුතරයේ ආරක්ෂාවට අධිකරණ ව්‍යුහයක්

බහුතරයේ ආරක්ෂාවට අධිකරණ ව්‍යුහයක්

නීතිය සාධාරණව පැවැත්විය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ කොතෙක්ද එපමණට සමාජයත් ජනතා හිතවාදී වනු ඇත. සමාජයක පැවැත්ම තීන්දු වන්නේද රටේ නීති සාධාරණ වූ විට පමණි. නීතිය සාධාරණ නිතියක් වූවත් එය කොටසකට සහනයක් ලබාදෙන අන්දමට ක්‍රියාත්මක වන්නේ නම් රටවැසියා තුල ඇතිවන්නේ විශ්වාසය කෙරෙහි යම්කිසි භංගත්වයකි.

නීතිය මත පදනම් වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන සමාජයක් තුල ජීවත්වීම ආරක්ෂා සහිතය. සැනසිලිදායකය. ඒ සමගම නීතිගරුක ජනතාවක්ද ඒ සමාජය තුළ මුල් බැස ගනී. මෙවැනි සමාජයක් බිහි කිරිම දේශපාලනමය කටයුත්තකි. එලෙස දේශපාලනයෙන් සාධාරණ සමාජයක් බිහිවීමට නම් එවැනි දේශපාලනයක් යහපත් දර්ශනයක් මත පදනම් විය යුතුය. මෙවැනි දර්ශනයක් අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් මෑතදි ආරම්භ වූ ශ්‍රි ලංකා ජාතික සංගමය සතු බව පෙනී යයි.

සමාජයක යහ පැවැත්ම නීතිය මගින් සිදුකෙරනෙ අතර එම සමාජයේ ජීවත්වන වැසියන් කෙරෙහිද යම් වගකීම් රැසක් ඉටුවිය යුතුය. මෙම ක්‍රියාදාමය අනෝන්‍ය පදනමක් මත ඉටුවීම ඉතා වැදගත්ය. නීතියක් පැවතුනත් එය පිළිපදින්නේ නැත්නම් එම නීතියෙන් බලාපොරොත්තු වන යහපත නොලැබී යයි. නීතියෙන් බලාපෙරෝත්තු වන සහනය ලබාගැනීමට පුරවැසියා උනන්දුකර විය යුතුය. මේ කටයුත්ත දේශපාලනමය හරයක් ඇති එකකි. මේ සම්බන්ධයෙන් බොහෝ අය සිංගප්පූරුව උදාහරණයක් ලෙස පෙන්වා දෙන බව කිව යුතුය.

සමාජයේ බොහෝ කටයුතු ප්‍රතිසංස්කරණයට භාජනය වන්නේ පවතින ක්‍රමයේ අඩුලුහුඩු මතුවන්නට පටන් ගත් අවස්ථාවේදීය. සමාජයක් ඉදිරියට ඇදී යන්නේ කෙසේද ඒ ඇදීයාමට නීතියෙන් අනුබලයක් ලැබිය යුතුය. ඒ අනුබලය අවශ්‍ය වන්නේ සමාජයේ ඉදිරි ගමන යහපත් ලෙස ඉටුවීමටය.

නීතිය කාටත් සුවදායක අන්දමට ක්‍රියාත්මක වීමට නම් නීතිය ගැන නිසි දැක්මක් සහ අවබෝධයක් ඇති නීතිවේදීන් සහ විනිසුරුවරු අවශ්‍ය බව කිවයුතු කරුණක් නොවේ. එවැනි දැක්මක් ආකල්පයක් සහ අවබෝධයක් ඉබේම ඒ අයට ලැබෙතැයි කියා විශ්වාස කිරිම අපහසුය. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් බිහිකිරීමට හැකි පසුබිමක් වාතාවරණයක් ඇති කළ යුතුවේ. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් ඇති කළ විට නූතනයේ පැනනගින අභියෝගයන්ට නිසි පරිදි මුහුණ දීමට මේ පරපුරට හැකි වනු ඇත.

අප විසින් සමාජය ගැන කථාකරන විට බොහෝවෙලාවට අප සිතට එන්නේ බාහිර වශයෙන් ඉදිරියට යාමය. නමුත් සාමජයතුල ජීවත්වන වැසියන් අතර පැන නගින ප්‍රශ්ණ - පවුල් ජීවිත සහ කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති ගැටළු ගැන සෙවීම ප්‍රමාණවත් නැත. සමාජයේ අභ්‍යන්තරය තුල ඇතිවෙන මෙවැනි ගැටළු සහ වෙනත් ගැටළු ගැන ඕනෑම ආණ්ඩුවක අවධානය යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ජාතික සංගමය මහ මැතිවරණය සදහා ජනතාවට පිළිගන්වා ඇති න්‍යාය පත්‍රය යටකී කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.